
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස කිරුළු පලන් ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මිය (91) අද සවස අභාවප්‍රාප්ත වූවාය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගියාය.
1933 නොවැම්බර් 11 වන දින බම්බලයේ ජෝසප් ලින්ස් ප්‍රනාන්දු හා මාතර එලිසබෙත් මියුරියෙල්ට තෙවන දරුවා වූ රීට ජෙනවිට් ප්‍රනාන්දු ලෙස මෙලොව එළිය දුටුවාය. පසුකලෙක ඇය ලතා වල්පොළ නමින් හෙළයේ ගීත කෝකිලාවිය ලෙස රසික හදවත් තුළට කිඳා බැස්සාය.
රීටා, ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම ගායනයට, රංගනයට, නැටුමට දැඩි කැමැත්තක් දැක්වූවාය.
වයස දහයේදී පමණ රීටා පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරා ගත් අතර පසුව ඇය එහි නායිකාව ලෙස තේරී පත් වූවාය.
ලතා - ධර්මදාස පෙම් පුවත ඇරඹෙන්නේ “ප්‍රේම තරඟය“ චිත්‍රපටය සමගිනි.
1957 දී විවාහ දිවියට ඇතුළත් වූ ලතා - ධර්මදාස යුළට දරුවන් සිව් දෙනෙකි.
“හරි හරි“ ගීතය, ඇගේ ප්‍රථම ගීතයයි. හොඳම හොඳම වේය ලොව,ප්‍රේමයේ චන්ද්‍රයා , ලංකාරින් මලක් පිපී, සුලලිත් වූ කලා මිහිරෙන්, ඉවසනු හදේ, සඳ කොමලී තරු පිරිවරලා, රන්වන් කරපන් ,දොයි දොයිය බබා,රෑන ගිරා රෑන අඹේ මී පිරි, පුන්සඳ එළියයි , රැජින මමයි, සුදට සුදේ වළාකුළයි,සඳ කාන්ති වැදී, පාවී පාවී ආකාසේ නැඟී ගියා , ආනන්ද ශ්රිය වාගේ ඇය ගායනා කළ ජනප්‍රියම චිත්‍රපට ගීත කීපයකි.
1953 වසරේ දී ‘‘එදා රෑ‘‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට ගීත ගායනා කළාය. ඇය ගායනා කළ ගීත සංඛ්‍යාව දහසකට අධිකය.
සරසවි සම්මාන 05 ක්, ජනාධිපති සම්මාන 02 ක්, දීපශිඛා සම්මානය, රණතිසර සම්මානය ,කලාශූරි සම්මානය,වීර විදහන රන්සිළු සම්මානය“ දිනා ගත්තාය.
ගායන දිවියේ ස්වර්ණ ජයන්තිය - “ලතා රන්රස ප්රණාම“ 1998 , දසක පහක් තුළ සිංහල සිනමාවට කළ සේවය වෙනුවෙන් “රන්සිළු සම්මානයෙන්ද“ ලතා වල්පොළ ගීත කොකිලාවිය පුද ලැබුවාය.
COMMENTS
ඔබතුමියට නිවන් සුව අත්වේවා.
හෙළයේ ගීත කෝකිලාවිය, ඔබතුමියට මොක්සුව ප්‍රාර්ථනා කරනවා.
ඔබට නිවන්සුව පතමු. ඔබගේ ගීත වලින් අප වින්ද ගීත රසයට ඔබට බොහොම පින්....
රටේ ඉහළම ගෞරවයට පාත්රවිය යුතු අසාමාන්‍ය දක්ෂතා සපිරි ශ්‍රේෂ්ඨ ගායිකාවක්.. ඇය රටට ගෙනදුන් කීර්තිය මිල කළ නොහැකියි. ඇය ගායනා කළ ගීත තවත් අවුරුදු සිය ගණනක් මේ නොනැසී පවතිනු ඒකාන්තයි. අයට අමාමහ නිවන් සුව ලැබේවා..!
නිවන්සුව අත්වේවා...!
ඹබතුමියට නිවන්සුවම අත්වේවා.