’’ අපි බත් පිඟානවත් හරියට බෙදා ගන්න දන්නැති ජාතියක්’’ “අපි අපේ බත් පිඟානවත් හරියට බෙදාගන්න දන්නේ නැති ජාතියක් යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 31 July 2025
මාස 6 ට 34 ක් අල්ලස් දැලේ: පොලිසියේ 10 ක් ඒ අතර පොලිස් නිලධාරීන් 10 ක්, අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් 5 ක් සහ සිවිල් පුද්ගලයන් 6 දෙනකු ඇතුළු සැකකරුවන් 34 දෙනකු පසුගිය මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 31 July 2025
දහම් පාසල් විෂය මාලාවත් අලුත් කරයි දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. 31 July 2025
පොලිස් සේවයට ලලනාවෝ දාහක් පොලිස් දෙපාර්තමේන්තුවට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 31 July 2025
අතහැරපු ගොඩනැගිලි සරසවි හෝස්ටල්වලට අතහැර දමන ලද රජයේ ගොඩනැගිලි විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත. 31 July 2025
දැව සංස්ථාව කෝටි 25ක් පිනට දීලා රාජ්‍ය දැව සංස්ථාවේ සේවකයන් සේවක අර්ථ සාධක අරමුදලට ගෙවිය යුතු දායක මුදලක් එම සංස්ථාව ගෙවීම හේතුවෙන් රුපියල් විසිහතර කෝටි අසූලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇති බව රජයේ විගණකාධිපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) දැනුම් දුන්නේය. 31 July 2025
රිය අනතුරින් බිරිය මරුට :සැමියා රෝහලට මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් බිරිද එම ස්ථානයේම මියගොස් යතුරු පැදිය ධාවනය කළ සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය කියයි. 31 July 2025
ත්‍රිකුණාමල ප්‍ර.ස.හිටපු සභාපතිවරයෙක් ගිනි අවියක් සමඟ අල්ලයි බලපත්‍ර නොමැති නිති විරෝධි ගිනි අවියක් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේ ශිය සභා වේ හිටපු සභාපතිවරයෙක් සහ ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ගාල්ල ධිවර වරාය පරිශ්‍රය තුලදි අත් අංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 31 July 2025
මාලදිවයින් සංචාරය නිම කරමින් ජනපති දිවයිනට මාලදිවයින් රාජ්‍ය සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 31 July 2025
අධිවේගේ හැපුණු රාජ්‍ය ඇමතිගේ බලශක්ති ජීප්රිය ගැන විමර්ශනයක් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලබාගෙන තිබූ බලශක්ති අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් කොළඹ මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කිලෝමීටර් 88 R සහ 88.1 R ප්‍රදේශයේදී පසුගිය වසරේදී අනතුරට ලක්ව අලාභ හානිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 31 July 2025
පළාත් කිහිපයකට වැසි ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 July 2025
කොස්ගොඩ තරුණයකු වෙඩි තබා මරයි කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. 31 July 2025
ඇමෙරිකා ජාතික වෙසක් උත්සවයට උපරිම සාහාය ලබන වසරේදී අමෙරිකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජාතික වෙසක් දින සැමරීම සදහා ශ්‍රී ලංකා රජයේ උපරිම සහාය ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. 30 July 2025
60 වසරක මිතුදම සමරන්න ජනපති පැළ සිටුවයි මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගී විය. 30 July 2025
සී අයි ඩි යෙන් බාරදුන් අපරාධකරු පලාගියැයි රත්නපුර පොලීසියේ තුනකගේ වැඩතහනම් අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද(30) වැඩතහනම් කර ඇත. 30 July 2025
අච්චුවේලි වලින් තරුණයකුගේ සිරුරක් හමුවෙයි යාපනයේදී අබිරහස් ලෙස මිය ගොස් සිටි තරුණයකුගේ මෘත දේහයක් හමුවූ බව යාපනය අච්චුවේලි පොලිසිය සදහන් කරයි. 30 July 2025
භූමිකම්පාවෙන් පසු ගිනි කන්දක් පුපුරයි රුසියාවේ භූමිකම්පාවෙන් පසු ක්ලුචෙව්ස්ක්කී ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමට පටන්ගෙන ඇත. 30 July 2025
ගුවන් ගමන්: නාවික ගමන් අඩපණයි රුසියාවේ ඇති වූ භූමිකම්පාව සහ ඉන් අනතුරුව හටගත් සුනාමි රළ හේතුවෙන්, සමුද්‍රීය සහ ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත. 30 July 2025
නීති කඩා ගෙන්වූ වාහන හරවා යවයි පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අැති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය. 30 July 2025
ඉන්දියාවට සියයට 25 ක තීරු බදු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන අගෝස්තු 1 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවා ඇති බව පැවැසෙයි. 30 July 2025
වන අලි ඇතුන් සංහාරයට කොළඹ විරෝධයක් නිති විරෝධී ගිනිඅවි, හක්කපටස්, උගුල් සහ මාරක විදුලි රැහැන් හේතුවෙන් වන අලි ඇතුන් මරණයට පත්වීමට බලධාරීන්ගේ අවදානයේ යොමු කිරීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (30) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ. 30 July 2025
ගිනි අවි සඟවා ගත් තිදෙනා රඳවා ගන්න නියෝග එල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත් අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 30 July 2025
ලලිත් සහ කූගන් නඩුවට සාක්කි දෙන්න ගෝඨා සූදානම් මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් නමැත්තන් මීට වසර 14කට පෙර අතුරුදන් වීම සම්බන්ධයෙන් පවරා ඇති හබයාස් කෝපුස් පෙත්සම් වලට අදාළව සාක්කිදීමට සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය. 30 July 2025
සෙවනගල සීනි සමාගම ගොවීන්ට කෝටි 20 ක් ණයයි සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්‍රවාහනය කළ ට්‍රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය අද (30) පැවසුවාය. 30 July 2025
හමුදාපතිට වසරක සේවා දිගුවක් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත. 30 July 2025
ලාංකිකන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක සංචාරක වීසා සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා (on-arrival) සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත. 30 July 2025
බී.වයි.ඩී. වාහන ගැන බලධාරින් සමග සාකච්ඡා ඇතැම් බී.වයි.ඩී වාහන මාදිලි සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කීපයක් නිදාකරණය කර ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම අද (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 30 July 2025
දූපත් රැසකට සුනාමි බලපෑම් රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. 30 July 2025
නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ් පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි පොල්ගහවෙල අධිකරණය අද නියෝග කළේය. 30 July 2025
ලෝක ආදිවාසී සැමරුම දඹාන වැදි ගම්මානයේ 2025 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදි වාසී ගම්මානයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 30 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026