
(කේ. බුද්ධික කුමාරසිරි)
කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමකින් යුත් මත්දුව්‍ය තොගයක් සමගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙහිදී අයිස් මත්දුව්‍ය කිලෝ 04 ග්‍රෑම් 411 ක් හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 98 ක් සහ කොකේන් කිලෝ 01 යි ග්රැමි 58 ක් සොයා ගැනීමට හැකිව ඇත.
එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 80 ක් සමගින් අත් අඩංගුවට ගත් සැකකරුවකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදුකරගෙන යනු ලබන තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද එම කොට්ඨාශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd