(අමදෝරු අමරජීව )
පුණ්යාඩි ප්රදේශයේදී ඊයේ (01) රාත්රී සිදුවූ ට්රැක්ටර් හා යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබු පැදිකරු රෝහල්ගත කරද්දී මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
මෙලෙස මියගියේ වෙරුගල්, මාවඩිචේනෙහි පදිංචි ජමුණරාජන් ජදුර්සන් (21) නැමති අයෙකි.
ලංකා පටුන පන්සලට යන අතුරු මාර්ගයේ ගමන් ගත් ටැක්ටරයක් දකුණට හරවද්දි ඊට පිටුපසින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය ටැක්ටර් ටේලරයේ වැදි මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදිකරු ආරක්ෂිත හිස්වැසුම් පැළැද නොසිටි බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd