
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
84 හැවිරිදි සැමියා 79 හැවිරිදි බිරිදට පහරදී ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත, දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිව සිටි ජි. නන්දාවතී නැමැත්තියයි.
මරණකාරිය සහ සැමියා අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් අනතුරුව සැකකාර සැමියා විසින් දොර පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාර 84 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd