ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර වෙයි දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 30 July 2025
පානදුරේ වෙඩික්කරු පොලිසියෙන් පැන යයි පානදුර වෙඩ් තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පොලිසියෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි. 30 July 2025
වෙරළේ හොරට හදන ගොඩනැගිලි වලට දඩයක් වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි 30 July 2025
මන්ත්‍රී පැන්ෂන් නැති කරන කෙටුම්පත එන කැබිනට්ටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 July 2025
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. 30 July 2025
ඝාතනවලට සම්බන්ධ දෙන්නෙක් අල්ලයි 2007-2008 වර්ෂ වල නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2025
ධීවරයන්ට හදිසි අනතුරු රක්ෂණයක් ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 30 July 2025
භූමිකම්පාවෙන් පසු සුනාමි එයි රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේවනවිට රටටවල් කීපයකට සුනාමි රළ කඩා වැදී ඇත. තවත් රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. 30 July 2025
යුනෙස්කෝ ලංකා ජාතික කොමිසමේ නිලධාරී මණ්ඩලය පත් වෙයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණි. 30 July 2025
’’කිව්ව එක දෙයක් කරන්නේ තව දෙයක්’’ ආරක්ෂාව නැතුව වැඩ කරනවයි කියපු කට්ටිය ඊට පරස්පර විදිහට හැසිරෙන විට ඒ සියලු දෙනා රට ඉදිරියේ හෑල්ලු වන බව සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය. 30 July 2025
කෝටි තුනහමාරක දේපළ තහනමක්:කාන්තාවක් අත්අඩංගුවට උපයා ගත් ආකාරයක් හෙළි කිරීමට නොහැකි ලෙස මුදල් රැස්කර පර්චස් 8 දශම 67 වපසරියකින් යුත් ඉඩමක රුපියල් කෝටි 3 1/2 ක දල වටිනාකමක් තිබෙන දෙමහල් සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 July 2025
නම ගිය දෙදාහකගේ ෆෝන් වලට ’’හැකරු’’ රිංගලා දේශපාලනඥයන්, වෘත්තීයවේදින් කලාකරුවන් ඇතුළු දෙදහසකට වැඩි පිරිසකගේ දුරකතනවලට හැකරුන් (Hackers) මෑත භාගයේදී වරින් වර හොර රහසේ ඇතුළුවී මුදල් වංචා කර ඇතැයි පොලිස් සහ දුරකතන සේවා ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ. 30 July 2025
රෝහිතගේ දියණිය පොලීසියට බාරවෙයි කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය මීට සුළු මොහොතකට ඉහතදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා පැවසීය. 30 July 2025
පොල් ඉඩමකින් පිස්තෝල උණ්ඩ-පොලිස් නිලඇඳුම් කොටස් හමුවෙයි කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ අක්කර 80 න් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ. 30 July 2025
අද කාලගුණය උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරිදින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 July 2025
රුසියාව අසල භූමිකම්පාවක් රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 8.0ක අගයක් සටහන් කළ බව ද පැවැසෙයි. 30 July 2025
හතරලියද්දේ අතුරකින් දෙකක් මරුට හයක් රෝහලට හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය කියයි. 30 July 2025
ඔක්කම්පිටිය ඕඅයිසී අල්ලස් දැලේ ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා රුපියල් හතළිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 July 2025
මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 29 July 2025
මහානාම ශිෂ්‍ය පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවේ කොළඹ 03 මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (29) පැවැත්වීණි. 29 July 2025
වෙඩි තැබීම් දෙකක පැදිකරු රත්නපුරේදී අල්ලයි පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 29 July 2025
නාමල් පෙර ඇප මත මුදා හරියි හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහතා අද (29)නියම කළේය. 29 July 2025
බීඩි ෆැක්ටරි 300ක් හොරට වැඩ බීඩි බලපත්‍ර තුන්සීයක් තවමත් අලුත් කර නැතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 29 July 2025
දේශබන්දුගෙන් පූර්ව ඇප අයැදුම්පතක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකාරීන් විසුරුවා හැරීමේ විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේක්ෂිත ඇප ඇයදුම්පත්රයත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය. 29 July 2025
බොරැල්ල අනතුරේ දොඹකරය කබලක් එක් පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් හත් දෙනකු බරපතල තුවාල සිදු කළ බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දොඹකර රථයේ රියදුරු අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් එම්.එන්. රිස්වාන් මහතා අද(29) නියෝග කළේය. 29 July 2025
වැවේ අයිතිය ඉල්ලා ගොවියෝ ප්‍රා.ලේ කාර්යාලයට එති නොච්චියාගම කටුපත්වැව ගම්මානයේ වැව වනජීවීයෙන් තහනම් කිරීමට විරෝධය දක්වමින් ගම්වාසීහු පිරිසක් පැවැත් වූ විරෝධතාව අසලට ආ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා කඩිනමින් විසැඳුමක් ලබා දෙන බව පැවැසීමත් සමග විරොධතා කරුවෝ විසිර ගියහ. 29 July 2025
‘‘අපි අනවසරයෙන් ඉඩම් අල්ලා ගත්තේ නෑ‘‘ වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නුවරවැව ආසන්නයේ පදිංවිව සිටින තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බව නුවරවැව අවට ඉඩම් සුරකිමේ සංවිධානයේ සභාපති ඩි.එම්.ජයසිරි මහතා අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය. 29 July 2025
මැයි 15 ජාතික වෙසක් දිනය ලෙස ඇමෙරිකාව නම් කරයි 2026 වසරේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික වෙසක් උළෙලක් පැවැත්වීමට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇති බව ටෙක්සාස් බෞද්ධ සංගමයේ ලේකම් සහ ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති නාහිමියෝ ප්‍රකාශ කරති. 29 July 2025
ජපන් යන අයට භාෂා පුහුණුව දෙන්න වැඩක් අරඹයි ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩි දියුණු කර රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා පැවසීය. 29 July 2025
තරුණ සේවා සභාවට එඩින්බරෝ ආදිපාද තිළිණ බලපත්‍රය එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ වැඩසටහන වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවට වසර 45 කට පසු පළමු වරට පූර්ණ NAO බලපත්‍රයක් හිමිවී තිබේ. 29 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026