
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර උසාවි සංකීර්ණය ජල ගැල්මට අසුව යට වූ අවස්ථාවේදී නඩු භාණ්ඩ වශයෙන් රඳවාගෙන තිබූ අධිබලැති යතුරුපැදි දෙකක් සොරකම් කළ බව කියන තරුණයන් සිව් දෙනකු එම යතුරුපැදි ද සමග අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.
ඉකුත් දෙසැම්බර් මස 27 වැනි දින කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු මහනුවර උසාවි සංකීර්ණය ද ඇතුළුව එම ප්‍රදේශය ජලයෙන් යට වූ අතර එම අවස්ථාවේදී උසාවි සංකීර්ණයේ පිටුපස කොටසේ නවතා තිබූ මෙරට ධාවනය කිරීමට අවසර නොමැති අශ්ව බල 1000 සහ අශ්ව බල 600 අධිබලැති නවීන යතුරු පැදි 02 වාහනයක පටවාගෙන රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
උසාවි රෙජිස්ට්‍රාර්වරයා මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනකු මහනුවර, ගැටඹේ කිරිබත්කුඹුර සහ මාවනැල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS