(අමදෝරු අමරජීව)

වැලි ඇල කුඹුරු යායට ජලය ගලා යන ඇලේ යතුරු පැදියකට යට වී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන සොයාගත් බව පුල්මුඩේ පොලිසිය කියයි.

පෙරදින පස්වරුවේ කුඹුරට යන බව පවසා යතුරුපැදියකින් ගිය කොලොන්ගොල්ල, මහසෙන්පුර පදිංචි හිටිපිටියේ ගෙදර ජයරත්න (64) නැමති අය මෙලෙස මියගොස් තිබේ.

ඇල මාර්ගයට සමාන්තරව වැටී ඇති මාර්ගයේ කුඹුරට ගිය මෙම මියගිය අය අඩි හතරක් උස ජල මට්ටමක් ඇති ඇලට යතුරුපැදිය සමඟ වැටෙන්නට ඇති බව පොලිසිය සැක කරයි.කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.