(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින  සැකකරුවකුට වැසිලීන් බෝතලයක සඟවා රුපියල් ලක්ෂ 4 කට අධික වටිනා මත්ද්‍රව‍්‍ය  වර්ග හතරක් ලබාදීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.

එම සැකකරු සමග හොරෙයින් මත්කුඩු මිලිගෑම් 9‍,130 ක් ,  අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 5,990 ක් , මත් පෙති කුඩු මිලිගෑම් 6,670 ක් හා හඳුනා නොගත් මත්කුඩු 4,040 සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

කළුතර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ලද දුරකථන පණිවිඩයක් අනුව කළුතර උතුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩඩ්ලිව් .එම් .එල් සි. වන්නි නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ වැසිලීන් බෝතලය පරික්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව‍ය  තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරු,බණ්ඩාරගම බටහිර පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි