(එම්.කේ.නන්දසේන)

රටවැසි ජනතාවට සෙත් පතා  වර්ෂ අවසානයේ කතරගම පූජා භූමියේදී පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම සහ සංඟගත දක්ෂිණාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන්  හිටපු මැති ඇමති පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවෙි ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසකත්වය මත කිරිවෙහෙර අභියසදී මල් පහන් ගිලන්පස බුද්ධ පූජාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පුත් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සහභාගි වූහ.

හිටපු අග්‍රාමාත්‍ය වරියක්වන සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මිය මෙම පිංකම  1960 දශකයේදී ආරම්භ කොට ඇත. හිටපු අමාත්‍යවරයකු වන මහින්ද අමරවීර මහතා⁣ගේ ප්‍රදානත්වයෙන් මෙම පිංකම සංවිධානය කොට තිබිණ.