
( එච්.එම්.ධර්මපාල , බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොහුවල , සරණංකර බෝධියවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු නිවසක සිටි කාන්තාවක් ඉලක්කකර සිදු කළ වෙඩි තැබීමකින් නිවස අසළ සිටි 17 හැවිරිදි වෙනත් තරුණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි කොහුවල පොලීසිය කියයි.
මුහුණු ආවරණය කර කලු ජැකට් පැළද යතුරු පැදියකින් පැමිණි. පුද්ගලයින් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇතැයි කියයි.
වෙඩි වැදී තුවාල ලැබූ තරුණිය දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබිණැයි පොලීසිය පැවසීය . මෙම වෙඩි තැබීම මේ වනවිට මෙම කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුල් නිසා සිදු වූවක්බව සැක කරන බව පොලීසිය කියයි.

( ඡායාරූප -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාජබය වගේ කිව්වා නම් මර්දනය කරනවා කියලා බැරි නම් අඩුම ගණනේ ෆොන්සේකාට බාර දෙන්න.