
(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල බෝමිරිය ඩඩ්ලි ගුණසේකර මාවත ආසන්නයේදී සිය යතුරු පැදිය ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයෙහි අධිකරණ පොලිස් නිළධාරී ලෙස රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා අද (30) දින අලුයම මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා ලබන ජනවාරි 01 දින සිට ගාල්ල පොලිස් කොට්ඨාසයට මාරුවීම් ලැබ සිටි අයකු බවත් වසර 17 කට වැඩි කාලයක් කොළඹ දිස්ත්රික්කයේ රාජකාරී කළ නිලධාරියකු බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරීයෙක් පැවසීය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කඩුවෙල පොළිසියට අනුයුක්තව රාජකාරි සිදුකළ මොරගල පාර, පිලාන, වංචාවල පදිංචිකරුවකු වන අරවින්ද සඳරුවන් නැමති වයස අවුරුදු 40 ක් වන එක්දරු පියෙකි.
රාජකාරි නිමවා මිතුරකු නිවසට ඇරලවා නැවක පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවද පොලිසිය පවසයි.
අනතුර සිදුවීමෙන් පසු රැස්වූ පිරිස් තුවාලකරු නවගමුව රෝහලට යොමු කොට ඇති අතර එම රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා සිටයදී අද (30) දින අලුයම් කාලයේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.ෙ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්. ඔයා කොළඹ එළවන විදිහට ගම්වල එළවන්න බැහැ. හැම තැනම මගමරුවෝ.
බොහොම දුක දනවන අවාසනාවන්ත සිදුවීමක්. මොනතරම් බලාපොරොත්තු ගොන්නක් සමග ඔහු ජීවත් වෙන්න ඇතිද? ගමට යන්න දවසක් තියෙද්දී බලන්න සියල්ල වෙනස් වුණු හැටි. ඔහුට නිවන් සුව පතමි.