වස බී මිය ගිය රැදවියන්ගේ ඥාතීහු නොයෙති කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී පිරිසිඳු කාරක දියරයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව මියගිය ඉරාන ජාතිකයන් දෙදෙනාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි. 22 October 2021
අයි.ඕ.සීය තෙල් මිල වැඩි කිරීමෙන් සිපෙට්කෝවේ පාඩුව ඉහළට ඉන්දියන් ඕයිල් සමාගම (අයි.ඕ.සී.) ඩීසල් සහ පෙට්‍රල් රුපියල් පහකින් මිල වැඩි කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව තව දුරටත් ඉහළ යන බවත් සංස්ථාවට රුපියල් පහක මිල ඉහළ දැමීමක් ප්‍රමාණවත් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය. 22 October 2021
අයවැය විවාදය සංඥා භාෂාවෙනුත් ලබන අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය. 22 October 2021
මාලඹේ උසස් තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතාවක් ගැන මැතිසබයට හෙළිදරව්වක් වැදගත් පිරිස් බිහි කරන බව පවසමින් ඇරඹූ මාලඹේ උසස් තාක්ෂණික ආයතනයේ තිදෙනෙකු 2018 වර්ෂයේදී එම ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඒ ආයතනය සහ එහි අක්කර 25 ක ඉඩම යන දෙකම තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස භුක්තියට ලියා ගැනීම බරපතළ වරදක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්)සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 October 2021
විශ්වවිද්‍යාල විවෘතවන ලකුණු? ‘කොවිඩ්’ අවදානම හේතුවෙන් වසා දමා තිබෙන විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද (22) පස්වරුවේ පැවැත්වේ 22 October 2021
ගොවීහු වැලි ජාවාරමුන් පන්නා දමති හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකුට අයත් පිරිසක් අරලගංවිල පන්සියතුන කුඩාඔය අමුණේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ජේ.සී.බී.යන්ත්‍ර තුනක් මගින් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අද (22) පලවා හැරීමට ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීහු පිරිසක් කටයුතු කළහ. 22 October 2021
කලා උපාධිධාරියෙකුට රජය ලක්ෂ අටහමාරක් වැය කරයි වසර තුනක කලා උපාධිධාරී පාඨපාලාවක් සම්පූර්ණ කිරීම සඳහා එක් ශිෂ්‍යයෙක් වෙනුවෙත් රුපියල් 8,54,310ක මුදලක් රජය වැය කරනු ලබන බව අනාවරණය වී ඇත. 22 October 2021
නව ‘කොවිඩ්’ ප්‍රභේදයක්: ‘ඩෙල්ටා ප්ලස්’ ‘කොරෝනා’ වයිරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. 22 October 2021
රත් හඳුන් ශාක ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක් දුර්ලභ හා ඉහළ වටිනාකමක් යුත් රත්හඳුන් ශාකය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. 22 October 2021
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය 25 සිට බස්නාහිර පළාත තුළ ලබන සඳුදා (25 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 22 October 2021
මුල් පෙළේ අයට බූස්ටර් එන්නත 01 වැනිදායින් පසු කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය, ආරක්ෂක යනාදී අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීම ලබන මස 1 වැනිදායින් පසු ආරම්භ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 22 October 2021
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජනතාවට සයිනොෆාම් තෙවන මාත්‍රාවක් ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ, තුන්වන මාත්‍රා ලබා දීමට පියවර ගෙන ඇත. 22 October 2021
පළාත් සංචරණ සීමා 31වැනිදා ඉවතට කොරෝනා පාලනය සඳහා පැනවූ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4 ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 22 October 2021
පොහොර ප්‍රශ්නයට මැතිසබයේ උද්ඝෝෂණයක් පොහොර ප්රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෝස්ටර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් මීට මද වේලාවකට පෙර ඇතිවිය. 22 October 2021
“දුම්රිය දුවන්නෙ නැත්තේ ඩීසල් නැති නිසා’’ දුම්රිය ධාවනය නොකිරීම සහ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට හේතුව ඩීසල් නොමැතිවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 22 October 2021
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස: පනත 11 මැතිසබයට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා වැඩි කිරීමට අදාල ප්‍රතිපාදන ඇතුළත් පෞද්ගලික සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ලබන මස 11 වැනිදා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළේය. 22 October 2021
ජපාන තානාපතිවරයා විපක්ෂ නායක හමුවෙයි ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. 22 October 2021
උතුරේ ආරක්ෂාව ගැන කතා කරද්දීත් නිවෙසකට ප්‍රහාරයක් උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් නව ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක අංශ සමග උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක් පවතින අතර වාරයේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට තියුණු ආයුද ගත් පිරිසක් ඇතුල් වී නිවසේ දේපල රැසකට හානි කොට පළා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි. 22 October 2021
කතරගමට යළි කොරෝනා අවදානමක්? කතරගම ප්‍රදේශයෙන් රෝගියකු වාර්තා වීමෙන් කතරගම සෞඛ්‍යය නිලධාරි බලප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනකු අතර සිදු කළ රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකදී රෝගීන් 08 දෙනකු සොයා ගැනීමට හැකිවූ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි. 22 October 2021
“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’ මෙවර මහ කන්නය සදහා රජයෙන් දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මගපෙන්වීම අනුව වී වගාවට යොදන ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. 22 October 2021
පැත්තෑයට බිලි වූ පුංචි මල්කැකුළ මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක බිළිදෙකු පත්තෑයෙකු දෂ්ඨ කිරීමෙන් නිදියහනේදීම මරණයට පත්ව ඇතිබව පල්ලම පොලීසිය පවසයි. 22 October 2021
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි ආඥාවක් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය. 22 October 2021
රියදුරන්ගේ මහා හොරයක් කෝපා හෙළි කරයි රථවාහන වැරදිවලට වරදකරුවන්වී නීතිමය පියවර සඳහා තාවකාලිකව අහෝසි කළ රියදුරු බලපත්‍ර අධිකරණවල තිබියදී රියදුරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ගෙන රිය ධාවනයේ යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) පවසයි. 22 October 2021
කොරෝනා පාලනයට අලුත් තීරණ කිහිපයක් අද කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය . 22 October 2021
අද පළාත් කිහිපයකට තරමක තද වැසි මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (22) මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 October 2021
‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘ තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල් තෝර තෝර ඉන්නේ ඇයි. මේ අයට මොකක් හරි හංගන්න තියෙනවා. රහසක් තියෙනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පවසති. 22 October 2021
කතෝලික පාසල් 25 සිට යළි විවෘතයි ගුරුවරුන් තමන්ගේ වරප්‍රසාද දිනාගැනීම සඳහා සිදුකරන අරගලය නවතාලීමේ බලාපොරොත්තුවක් කතෝලික සභාවට නැති බවත්, එම අරගලයට ශක්තියක් වීමට ද කතෝලික සභාව සූදානම් බවත් ගැමුණු ඩයස් පියතුමන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 21 October 2021
කොවිඩ් ආසාදිතයන් 101ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 101 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 October 2021
අයි.ඕ.සී තෙල් මිල ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද(21)මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි.ඕ.සී සමාගම පවසයි . 21 October 2021
‘‘එකක් බලාපොරොත්තු වුණාම හයක් ලැබීම සතුටුයි‘‘ එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට අද (21) අළුයම මෙලොව එළිය දුටු සය නිවුන් දරුවන්ගේ පියා වන ප්‍රභාත් උදයංග මහතා පැවසීය. 21 October 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026