(  සිතුම් චතුරංග)

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි ධර්මපුරම් පොලිසිය කියයි.

දෙපිරිසක් අතර වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇති මෙම ගැටුම ඇතිවූ බවත් එහිදී පිරිසක් නිවසට පැමිණ මියගිය පුද්ගලයාට පහරදී ඇති බව පොලිසිය පැවසීය.

එලෙස පහරදීමෙන් මියගොස් ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම් පදිංචි රාමයියා රාමජෙයම් නමැති අයකු බව පොලිසිය සඳහන් කරති.

මිතුරන් දෙදෙනෙකු අතර වු ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසූහ.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.