( සිතුම් චතුරංග)

වවුනියාව,වේරගම රජයේ සේවක නිවාස ව්‍යාපෘතියේ පදිංචි පුද්ගලයකුගේ නිවසක ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබේ.

පිපිරීම සිදුවූ නිවාසේ කාන්තාවක් පැවසූවේ තමන් ගෑස් උදුනෙන් ආහාර පිසීමෙන් අනතුරුව උදුන වසා තිබියදී පැයකට පමණ පසු එකවර ගිනි දැල්ලක් මතුවි ගෑස් උදුන පුපුරා ගිය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

අදාල සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර ගෑස් උදුන පුපුරාගොස් ඇති බවත් එ පිළිබඳ පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.