කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් නෙරපයි ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි. 24 October 2021
කොල්ලයක් ගැන බොරු පැමිණිල්ලක් කළ කතක් මාට්ටු කොරෝනා මර්ධන නිල නිල ඇඳුම්වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට සිදුකළ පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන කිරීමේදී පැමිණිල්ල සිදුකළ කාන්තාවම මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය. 24 October 2021
ළිඳෙන් ආ මරුවා දෙකක් බිලි ගනී ලීහිරියාගම - විල්ලයාගම කහටගහවත්ත ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳක් හිස් කරමින් සිටි පුද්ගලයකු ළිඳතුළ වූ අපද්‍රව්‍ය ඉවත්කිරීමට ගිය අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැටීමෙන් පසු ඔහු බේරාගැනීමට පැමිණි අසල්වැසි අයකුද ළිඳතුල වූ විස වායුවක් අඝ්‍රාහණය වීමෙන් දෙදෙනාම මියගොස් ඇති බව කඳානේගෙදර පොලීසිය කියයි. 24 October 2021
‘ඉස්කෝලෙ යන්න ඇඳුම ගැටලුවක් නෑ‘ පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 October 2021
පොහොර ගැටළුවට ගොවීහු උපවාසයක වී වගාවට අවශ්‍ය පොහොර ඉල්ලා මොරගහකන්ද ව්‍යාපාරයේ සහ ඇලහැර මහ ගොවි ජනපදව්‍යාපාරයේ ගොවීහු පිරිසක් අද බකමූණ නගරයේදී උපවාසයක් ආරම්භ කළහ. 24 October 2021
මහැදුරු නාලිකා අවසන් වරට යළි මතක් කරයි චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග පවසයි. 24 October 2021
බඹරු වතු සේවකයන් 18ක් රෝහලට යවති තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 18 දෙනකු කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි. 24 October 2021
මෝටර් රථ - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට හබරණ - ත්ර්රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මහුණට මුහණලා ගැටීමෙන් ත්‍රිරෝද රියැදුරා සහ තවත් අයකු මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලීසිය කියයි. 24 October 2021
කෝවිඩ් රකුසාගේ තිප්පොළ සොයා ගනී කොවිඩ් වයිරසය වැඩියෙන්ම බෝ වී ඇත්තේ මත්පැන් බොන ස්ථානවලින් බව සොයාගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 24 October 2021
කාරයෙන් ගොස් ගෙවල් බින්ද හොරා අල්ලයි මෝටර් රථයකින් ගොස් රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරා ගැනීමේ නිරත සැකකරුවකු මෝටර් රථයක් ද සමග මොරටුව ප්‍රදේශයේ දී බස්නාහිර බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 October 2021
සෞඛ්‍ය සේවා අධ්යක්ෂගෙන් අනතුරු ඇඟවීමක් සමහර පුද්ගලයන් ආගමික සහ සංචාරක ස්ථානවලට ගොස් තිබුණේ මුව ආවරණයක්වත් නොමැතිව යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 24 October 2021
බණ්ඩාරවෙල තැන් දෙකකින් මළ සිරුරු දෙකක් බණ්ඩාරවෙල පොලිස් වසමේ ස්ථාන දෙකක තිබූ පුද්ගල මළ සිරුරු දෙකක් අද 24 හමු වූ බව බණ්ඩාරවෙල පොලීසිය කියයි. 24 October 2021
රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 24 October 2021
සීනි මිල ටික ටික ඉහළට සුදු සහ දුඹුරු සීනි වර්ග දෙකේම උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 20 ත් 30 ක් අතර ඉහළ මිලකට අද (23) වන විට සීනි අළෙවි කරයි. 23 October 2021
‘‘ඉන්ධන මිල වැඩි කරනවා නම් මම කලින් කියන්නම්‘‘ ඉන්ධන මිල අද (23) මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බවත් ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර තමන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 23 October 2021
අබලන් බිත්තියට යටවූ දරුවා මරුට පල්ලම කටුපොත ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ සිරුර මතට නිවසේ බිත්තියක් පෙරළි යාමේන් අසාධ්‍යව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසුව 23 දින මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි. 23 October 2021
කොරෝනා ආසාදිතයන් 437ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 437 දෙනකු අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 23 October 2021
පාප් වහන්සේගෙන් කාදිනල් තුමන්ට ලිපියක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (23) පැවසූහ. 23 October 2021
චීන කාබනික පොහොර නෞකාවට තහංචියක්? විවාදයට තුඩුදී තිබෙන චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 23 October 2021
කොවිඩ් මරණ 19 ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 October 2021
යාපනය ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආංරචි මාර්ග සදහන් කර සිටී. 23 October 2021
අහසට වෙඩි තැබූ එස් අයි ගැන විනය ක්‍රියාමාර්ග කඩවත කුප්පියාවත්ත ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්ප කණ්ඩායමකට පිරිසක් බාධා කිරීමත් සමඟම අහසට වෙඩි තබා සිද්ධිය පාලනය කළ උප පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය . 23 October 2021
කතානායක නවසීලන්ත කතානායක සමඟ වීඩියෝ සාකච්චාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කතනායක ට්‍රෙවර් මලර්ඩ් මහත්වරුන් අතර විශේෂ හමුවක් වීඩියෝ තාක්ෂණ ඔස්සේ අද පැවැත්විණ. 23 October 2021
වැලිකඩ බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් වැලිකඩ බන්ධනාගාර රැඳවියෝ පිරිසක් එහි වහල මත නැග විරෝධතාවක නිරත වෙති 23 October 2021
සුරේෂ් රාඝවන් ශ්‍රී ලංකා කැනඩා මිත්‍ර සංගමයේ සභාති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා-කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 23 October 2021
යතුරු පැදිකරුට පහරදුන් කොස්තාපල්ගේ වැඩ තහනම් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියි පුද්ගලයන් දෙදෙනකුට සහ කුඩා දරුවකුට එරාවුර් නගරයේ දී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරාවුර් පොලීසියේ රථවාහන අංශය රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අද(23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 23 October 2021
ගංජා ප්‍රවාහනය කළ සැප බසයක් අල්ලයි කොළඹ වරාය කාර්ය මණ්ඩලය අක්කරපත්තුවේ සිට ප්‍රවාහනය කරමින් සිටි සුඛෝප බෝගී බස් රථයක කේරල ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 23 October 2021
පුඩින් කා සෙබළුන් 16 ක් රෝහලේ ආහාර විෂ වීමකින් මඩකලපුව වාකරේ 233 වන බලසේනා මූලස්ථානයේ සෙබළුන් 16 දෙනකු මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි හමුදාව පවසයි . 23 October 2021
'මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ' රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් පලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 23 October 2021
සුදු ලූනු වංචාවට ව්‍යාපාරික පුතා අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ සිදුවී ඇතැයි කියන සුදුළුණු වංචා සිද්ධියට අදාළව බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 23 October 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026