( තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ සහ අවට ප්‍රදේශ තුනකදී ගෑස් ලිප් පිපිරීම් තුනක් සිදුව තිබේ.
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්ඕවිට, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හීන්දෙණිය සහ පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් හංසගිරිය ප්‍රදේශයන්හි අද (2) අලුයම් කාලයේදී සහ ඊයේ රාත්‍රීයේදී මෙම පිපිරීම් සිදුව ඇති බව ගෙහිමියන් විසින් පොලීසියට දැනුම්දී ඇත.
නිවාස තුනෙහිම ලිප් පුපුරායාම සිදුව ඇති බවත් මින් කිසිවෙකුටත් හානි සිදුව නැති බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd