මුදලිගේගේ නිදහස ඉල්ලයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී අද (5) පැවැත්විණි. 05 January 2023
පාස්කු චූදිතයෝ තව දුරටත් රිමාන්ඩ් කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 250කට අධික පිරිසක් ඝාතනය කර තවත් 500කට අධික පිරිසක් බරපතල තුවාල කර බවට චෝදනා ලබ සිටින මවුලවිවරුන් ඇතුළු 25 දෙනාගේ ඇප ඉල්ලීම සලකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය. 05 January 2023
ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දීමට බාධාවක් නෑ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවත් පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය. 05 January 2023
අරගලය නැවත පණ දෙන්න නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
සති අන්තයේ කොළඹට වතුරත් නෑ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන සෙනසුරාදා (7) රාත්‍රී 10.00 සිට ඉරිදා (8) පස්වරු 4.00 දක්වා පැය 18ක කාලයකට අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 05 January 2023
මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද පැවසීය. 05 January 2023
විශ්ව විද්‍යාලවල එක බත් එක තුන් දෙනෙක් කනවා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගය පත්කළ මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 05 January 2023
ජනපති කාර්යාලය තරුණයන්ට වේදිකාවක් හදයි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 05 January 2023
ගම්පහ අලුත් ඡන්ද ලක්ෂයක් ගම්පහ දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන 19 ක් සදහා සභිකයින් 688 දෙනෙ තෝරා පත් කර ගැනීම පිනිස දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 ක ඡන්ද දායකයින් 18, 33, 602 දෙදෙනකු සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 05 January 2023
පොහොට්ටුව කළුතරට ඇප බඳියි පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදී . 05 January 2023
රන්දිමාල් ගමගේ අත්අඩංගුවට අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. 05 January 2023
දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
මුදලිගේ යළි රිමාන්ඩ් ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය. 05 January 2023
’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර ’’ඔබතුමා ඊට පිටිපස්සෙන් වැඩ කරගෙන යන්නැයි’’ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
පිපුරුණු ගෑස්වලට වන්දි ගෙවන්න ලිට්රෝ සූදානම් රට පුරා පසුගිය කාලයේ ගෑස් සම්බන්ධයෙන් යැයි පැවසූ සිද්ධිවලදී ලිට්රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදීමට එම සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 05 January 2023
රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා ත්රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
මැතිවරණ පනතක් නිසා මැතිසබේ උණුසුමක් අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ අතර මෙය ඡන්දය කල් දැමීමට කරන උප්පරවැට්ටියක් බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. 05 January 2023
ගෝඨා දිවයිනට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (05) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා මෙන්ම ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ද සනාථ කළේය. 05 January 2023
ලිට්රෝ ගෑස් මිල අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 201 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 05 January 2023
හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි. 05 January 2023
සජිත් කලබලයකට හේතුවක් කියයි මැතිවරණ ක්‍රියාවලිය ප්‍රකාශ කළ ආකාරයට ඉදිරියට යාමට රජය ඉඩ දේවිද කියා බොහෝ දෙනෙකුගේ අවිශ්වාසයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 January 2023
පළාත් පාලන පනත ඇතුලේ ගැටුමක් හදන්න එපා පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීමට දින ප්‍රකාශයට පත්කර තිබියදී තරුණ නියෝජනය සදහා සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පනත ඇතුලේ ගැටුමක් ඇති වීමට ඉඩ තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 January 2023
සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක් ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 05 January 2023
කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ. 05 January 2023
ඇමෙරිකාවෙන් ලාංකිකයන්ට රැකියා ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් තහවුරු කර ගැනීමට සමත්වූ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 05 January 2023
වී ගන්න සල්ලි දෙන්නැයි කැබිනට්ටුවෙන් ඉල්ලයි 2022/23 මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. 05 January 2023
රට වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට ආරාධනයක් රටේ සංවර්ධනය වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 January 2023
වියළි කාලගුණ තත්වයේ වෙනසක් දැනට පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් අද (5) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2023
දේශපාලන හයියෙන් කතුන් විකුණලා ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු මහනුවර දංගොල්ල ඌරවල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි . 05 January 2023
දුම්රියේ යකඩවලට ගේමක් දෙන්න යයි දුම්රිය දෙපාර්තුමේන්තුව සතු මෙට්‍රික්ටොන් 7000 ක යකඩ තොගය කිලෝ එකක් රුපියල් 43 කට විකිණීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගානක පාඩුවක් කිරීමට විරෝධය පලකරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. 05 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026