හදිසි නීතිය සංශෝධනය කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත. 07 August 2022
රට හරි මඟට මෙහෙයවන්න ජනපති සමත් වෙලා ඉතා අසීරු අවස්ථාවක රට බාර ගනිමින් නිවැරදි මාවතට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ. 07 August 2022
ජනපති ස්ටාලින් අමතයි ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිබෙන්නේ නීතිමය කටයුත්තක් බවත් තමා ඒ ගැන ස්ටාලින් මහතා සමග කතා කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 August 2022
යුවාන් වැන්ග් 5 රාජ්‍ය තානත්‍රික ගැටළුවක් වෙයි ද චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය චීන තානාපති කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 07 August 2022
ආදිවාසීහු ප්‍රනීත මී පැනිවලින් බුදුන් පුදති මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රනීත වූ මි පැණි පූජාව අද පෙරවරුවේ සිදු කරන ලදී . 07 August 2022
ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40 විකුණයි ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 07 August 2022
අත්සන හොරට යොදා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයා මාට්ටු කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින රැදවියකු ගේ අත්සන හොරට යොදා පානදුර මහාධිකරණයෙන් නඩුවාර්තා පිටපත් ලබාගත් එම මහාධිකරණයේම සේවය කළ සේවකයකු අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 07 August 2022
බරණගේ ඝාතකයාට ඇප කලාවැව සහ නාමල් උයන ඇතුළු අවට ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ සැරිසරමින් පරිසරයට ඉමහත් සුන්දරත්වයක් එක් කළ පිරිපුන් දළ යුගලකින් හෙබි බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුව ගත් පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් එම්. පී ගස්සාලි මහතා නියෝග කළේය. 07 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවට කකුල් මාට්ටු දාන අය ගැන මෛත්‍රිපාල කියයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යන ගමනේදී කකුලෙන් අදින පිරිසක්ද සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 07 August 2022
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉදිරියටත් කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 August 2022
බස්නාහිර ඇතුළු පළාත් කීපයකට විටින් විට වැස්ස සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 August 2022
මත්කුඩු ජාවාරමේ නිරත දෙකක් මාට්ටු විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනකු හෙරොයින් සහ මුදල් තොගයක් සමග ගම්පහ මාකේවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 07 August 2022
ජනපති රනිල්ට ජපානයෙත් සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් සිටින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කරයි. 06 August 2022
මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක් ‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම්වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 06 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා සඳුදා එළියට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2022
රිජ්වේ රෝහලෙන් කොවිඩ් දරුවන් 12ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය. 06 August 2022
උඩින් උතුරට ගිය හේතුව රවී හෙලි කරයි තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 06 August 2022
ජනාධිපති -සෝභිත හිමි හමුවක් අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2022
අයිතිකරුට හොරෙන් සුදු ලූණු විකුණන්න ගිහින් අමාරුවේ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ආනයනය කරන ලද සුදු ලූනු තොගයකින් කොටසක් අයිතිකරුගේ අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශ්වයකට විකිණීමට ගිය සැකකරුවන් හතර දෙනකු සහ මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය. 06 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් දක්ෂතා මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙි දී සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2022
ෆ්ලෝටින් මාර්කට්ටුවත් අරගල කරුවන්ට මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රය (ෆ්ලෝටින් මාර්කට්)අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. 06 August 2022
ලංකාවට සහය වෙන්න ලෑස්තියි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි. 06 August 2022
නිවාඩු ඇවිත් හරක් හොරකමේ ගිය නාවික සෙබළා මාට්ටු එළ ගවයන් තිදෙනකු සොරාගෙන රුපියල් ලක්ෂ තුනක මුදලකට අලෙවි කළ නාවික හමුදා සෙබළකු හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේදී අද උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 06 August 2022
අරගල භූමියෙන් අපි ඉවත් වන්නේ නෑ ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුණරත්නම් මහතා පැවසීය 06 August 2022
කෙහෙල්බද්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 06 August 2022
සර්වපාක්ෂික රජයට අතත් එකතු වෙයි ඉදිරියේදී පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 06 August 2022
දේශපාලනඥයන්ගේ වැනසූ නිවාස තට්ටු දෙකට තුනට හදලා දෙන්න ඕන ප්‍රචණ්ඩකාරී න් විසින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය 06 August 2022
ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන ලබා නොදීම නිසා ඉන්දියාවෙන් එම ඉන්ධන ලබා ගැනීමට සිදුව ඇති බැවින්, ඉන්ධනවලට යන වියදමට අමතරව මසකට ඩොලර් බිලියන හතක අලාභයක් විඳීමට ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුව ඇතැයි වාර්තා වෙයි. 06 August 2022
පොහොට්ටු මන්ත්‍රීවරු පොලිස්පති ගැන කනස්සල්ලෙන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ . 06 August 2022
ජවිපෙ මන්ත්‍රීවරු ආදර්ශයක් දෙති පාර්ලිමේන්තු මන්තීවරුනට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබා දීමට ගෙන ඇති තීරණයට අනුව ජනතා විමුක්ති පෙරමුණ එම දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත. 06 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026