කතරගම-කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව නවතියි ගාලු පාරේ, කතරගම කොළඹ හඅතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. 04 January 2023
ලොක්කන් තවත් දෙදෙනකුගේ සුදුසුකම් සොයන්න යයි තවත් ප්‍රධානීන් දෙදෙනකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 04 January 2023
තේ-එළවළු අලුත් පොහොරක් වෙළෙඳපොළට තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙි. 04 January 2023
යාලේ දොර ඩොලර්වලට ඇරෙයි යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 04 January 2023
අධිවේගියේ බස් ගාස්තු අඩු කරයි ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 04 January 2023
ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි ‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 04 January 2023
නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක් මෙවර 75 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් 1000 ක් වටිනා සමරු කාසියක් නිකුත් කිරීමට නියමිතය. 04 January 2023
උතුරුමැදට, නැගෙනහිරට පොඩි වැස්සක් උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද (4) වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 January 2023
කෙතට වතුර හැරවු කතව මරලා කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ප්‍රදේශයේ කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවකගේ හිසට පුද්ගලයෙකු විසින් ඊයෙ (03) රාත්‍රී හතට පමණ උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය කියයි. 04 January 2023
බොරැල්ල වකුගඩු සිද්ධිය මොලකරු රටින් පැනලා දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් නීතිවිරෝධී අයුරින් වකුගඩු ලබාගෙන ඡාවාරමක් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙරටින් පලාගොස් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය. 04 January 2023
මිහින්තලේ පොහොර සිද්ධියට තුනක් සැකපිට මිහින්තලේම රදන්කල්ල ප්‍රදේශයේ ගොවියන්ට බේදා දිමට ලබාදුන් යුරියා පොහොර මිටි 21 වෙනත් අයකුට වැඩි මිලට අලෙවි කිරිමට කටයුතු කළේ යැයි කියන ගොවි සංවිධානයේ සභාපති,භාණ්ඩාගාරික හා ඊට සම්බන්ධ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 04 January 2023
පොලිස් පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එන් ජයවර්ධන මහතා පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ. 04 January 2023
පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවයි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 03 January 2023
සංචාරක යුවළ ගමන් ගත් මෝටර් රථයට වල් අලි ප්‍රහාරයක් මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉතාලි ජාතික කාන්තාවක් සහ ඉතාලි ජාතික පිරිමි පුද්ගලයකු ගමන්ගත් කාර් රථයකට රන්දෙණිගල ප්නිගල ප්‍රදේශයේ දී වල් අලියකු පහරදී ඔවුන්ගමන්ගත් කාර් රථය පෙරලා දමා ඇතැයි කීර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි. 03 January 2023
අලුත් කැබිනට් ඇමතිවරු 12 ක් මේ මස අගදී නව කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් හය දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 03 January 2023
ජනාධිපති අරමුදලත් නව වසරේ වැඩ අරඹයි ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ පිරිත් සජ්ඣායනාවක් පවත්වමින් වැඩ ආරම්භ කළේය. 03 January 2023
අලි ප්‍රහාරයෙන් නාවික සෙබළා මරුට මන්නාරම සිලාවතුර මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරු භූමියේ දී වන අලි ප්‍රහාරයකට ලක් වීමෙන් රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා සෙබලෙක් මිය ගොස් ඇතැයි සිලාවතුර පොලිසිය පවසයි. 03 January 2023
ශ්‍රී ලංකාවට ලකුණු 163 ක ඉලක්කයක් ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස්කළේය. 03 January 2023
ඉන්ධනවලට බද්දක්? සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගැනීම නිසා ඉන්ධන ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ. 03 January 2023
කොට ලොරිය පළා යද්දී වෙඩි තබා නවතා ගනී යක්කල රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අත් අඩංගුවට ගනු ලැබූ බලපත් රහිත කොට ලොරියක් යක්කල පොලීසිය වෙත රැගෙන විත් නතරකර තිබියදී , රියදුරා ලොරිය පණ ගන්වා කිරිඳිවැල මාර්ගය ඔස්සේ නොනවත්වා ධාවනය කරද්දී අහසට වෙඩි තබා ලොරිය නවතා රියදුරු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය පවසයි. 03 January 2023
කොස්තාපල් මාමණ්ඩියගේ කබායෙන් බෑනා කූඩුවට සිය මාමණ්ඩිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් පොලිස් යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කබායක් හැද පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරූ පැදිකරු සහ පසු පැදි කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 03 January 2023
ආශු පෙම්වතියගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක් මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ පුද්ගලික පැමිණීල්ලකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) සිතාසි නිකුත් කළේය. 03 January 2023
ශ්‍රී ලංකා පිල පන්දු යැවීම තෝරා ගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. 03 January 2023
පාඩු ඇතත් ඛනිජ තෙල් - ශ්‍රී ලන්කන් බෝනස් දීලා පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. 03 January 2023
ශානිගේ මෝටර් රථයට වෙඩි වැදීමේ සිද්ධියේ ගිනි අවිය සී.අයි.ඩීයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිට වැඩ තහනමට ලක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ පෞද්ගලික මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියට අදාළව එම ගිනි අවිය හා උණ්ඩ සහිත මැගසිනය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 03 January 2023
කැලණි සරසවි ශිෂ්‍ය සංගම් සභාපති රිමාන්ඩ් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපලවලට පහර දී විනාශ කලැයි තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ශිෂ්‍ය ක්‍රියාකාරියකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 03 January 2023
සේවා රැසක් අත්‍යාවශ්‍ය කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක් විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 January 2023
රටබීම බද්ද සංචාරක කර්මාන්තයට මරු පහරක් මත්පැන් මත අයකරන සුරා බද්ද ඉහළ ප්‍රතිශතයකින් දෙවන වරටත් ඉහළ නංවීම නිසා සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවන බව සංචාරක කර්මාන්තයේ නියලෙන පිරිස් චෝදනා කරති. 03 January 2023
රට බීම මිල ඉහළට මත්පැන් බදු අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 20කින් ඉහළ නංවා තිබේ. 03 January 2023
මංගලගේ ‘ෆ්‍රීඩම් හබ්‘ මාතරදී යළි ඇරඹේ කෘතහස්ත දේහපාලඥයෙකු වූ මංගල සමරවීර මහතා ආරම්භ කරන ලද ‘ෆ්‍රීඩම් හබ්‘ ඩිජිටල් සහ නිර්මාණාත්මක අන්තර්ගත හා කුසලතා සංවර්ධන සහ සහයෝගීතා පදනම මාතරදී නැවත වරක් ආරම්භ කිරීමට නියමිතය. 03 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026