(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලූ විවාදය ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ආණ්ඩු පක්ෂය එකඟවී නොමැත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පස්වරුවේ රැස්විය.
මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දිනක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම පැවැත්වුණේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී "දියවූ දියවූ" "ඡන්දය දියවූ" කියා ඉල්ලා සිටියේ මහජනතාවගෙනි. පුරවැසියන් පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික මැතිවරණයකි. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ විරෝධතාවදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සටන් පාඨය හෝ ඉල්ලා සිටිය යුතුව තිබ්බේ, (දියවූ දියවූ නොව) තියවු තියවු ඡන්දය තියවු කියා පමණි.