
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ "සිංහල අකුරු" සහ "දෙමළ අකුරු" ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.
පෙබරවාරි 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙන්, මෙම ග්‍රන්ථ පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරිණි.
කතානායකවරයාට මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ද මෙම ග්‍රන්ථ ලබාදීමට කටයුතු සලස්වා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා හොදින්ම බලන්න. සිංහල හා දෙමළ භාෂාවෙන් අතර වෙනසක් නැහැ කියලා පෙනේවි .වෙනස තියෙන්නෙ ශබ්දය අනුව පමණයි .ඒත් ජනාධිපතිතුමා වත්මනේ සිංහල භාෂාව විකෘති වෙනවා. මම වචන කීපයක් පෙන්වන්නම්. කලුතර දිස්ත්‍රික්කයේ බෝඹුවල ලියනවිට වත්මන් ළමෝ ලියන්නෙ. බෝම්බුවල කියලා වැල්ලදුර ලියන්නෙ .වැල්ලන්දුර කියලා අතීතයේ තිබුන වාසගමක් සුවද ආරච්චි කියලා .ඒත් විදේශ රැකියාවක් කරන මිනිහෙක් බැදලා හිටියේ සුවද ආරච්චිගේ චන්දිමා කියලා කෙනෙක් ..අර මිනිහා ලංකාවට ආපු වෙලාවක බිරිදට කියලා තියෙනවා සුවද ආරච්චි කියලා වාසගමක් නැහැ. ඒක සුවන්ද ආරච්චි වෙන්න ඕන කියලා .ඉතින් ගෑනි තමන්ගෙ වාසගම වෙනස්කර ගත්තා. මේ අතර යයන්න වෙනුවට යන්සය ලිවීම වගේ වැරදි ගොඩක් සිදුකරනවා කියලා මට හිතෙන්නේ එහෙම අකටයුතු වෙනස්කිරීම් නැවතත් සැකසීම කරන්න කියලා ඉල්ලන්න කැමතියි එහෙම කිරීමට පරිගණකය සදහා මෘදුකාංග සැකසීම කිරීමේදී සිංහල භාෂා විශාරද උගතුන් යොදාගන්නවා නම් ඉතාමත් හොදයි
මෙයාට මේවා තේරෙනවද?
අකුරු එකතු කරලා අරින්න ඕනේ මුගේ .........
දැන්වත් සිංහල ඉගෙනගනීවී නේ?