(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර තිබේ.
මේ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල් , චමල් රාජපක්ෂ, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා ,ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල,ඉරාන් වික්‍රමරත්න ,අජිත් මාන්නප්පෙරුම, බී. වයි. ජී. රත්නසේකර, එම්. ඒ. සුමන්තිරන්, චමින්ද විජේසිරි,සම්පත් අතුකෝරල, කරුණාදාස කොඩිතුවක්කු ,කෝකිලා ගුණවර්ධන, යදාමිණී ගුණවර්ධන,මහචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරුන් බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙසේ නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd