IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වසරේ මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න

(ඩයනා උදයංගනී)

මෙම වසරේ මුල් මාස 6 තුළ විදේශ ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව මේ වන විට ගෙවීම අත්හිටුවා ඇත්තේ ද්විපාර්ශවික හා බැඳුම්කර මගින් ලබාගෙන ඇති ණය පමණක් බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවික ණය ගෙවීම නවත්වා නැති බවත් ඇමතිවරයා කීවේය.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා අනුමත ණය ගැනීමේ සීමාව තුළ පියවර ගැනීමේ බලය භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (4)

වසරේ මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න

විපරමා Tuesday, 21 February 2023 05:31 PM

දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවන් මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරලා රටම බංකොළොත් කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. නාස්තිය, දුෂණය, වංචා මේ හැමදේම සිද්ද වුනේ බලලෝභී දුෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් නිසා.

:       0       0

Muthu Tuesday, 21 February 2023 05:58 PM

ලංකාව දැන් කැකුණ ඇට තලලා පාන් එලිය ගන්න වැදී රටක් වෙලා ඉවරයි. ලංකාවේ මිනිස්සු මේ තරමට වත් උලා කාල හරි ජීවත් වෙන්නේ, රනිල් / මහබැංකුවේ මැජික් වැඩ නිසා නෙවෙයි. ගෙවන්න තියෙන ඩොලර් බොන්ඩ් නය නොගෙවා, ඒ සල්ලි වලින් අපි කනවා. හිතා ගන්න පවුලක් එහෙම උනොත් මාස දෙකක් ඇතුලත සියලු දෙනා සියදිවි නසා ගන්නවා. ඔන්න අද ලංකාවේ ආර්ථික තත්වේ.ගෑනු මිනිස්සු දරුවෝ මරලා සියදිවි නසා ගන්නවා ජීවත් වෙන්න බැරුව. මහා බැංකුවට ගානක් නෑ. ඩොලර් රේට් හිරකගෙන ආතල් එකේ ඉන්නවා. සමහරු ඉන්ටවිව් තියාගෙන මන් හොඳයි කිය කිය ඉන්නවා. ඩොලර් රේට් හිර කරගෙන ආර්ථික අවපාත කාලෙක එලියට ආපු එක රටක් වත් ලෝකේ නෑ.

:       0       0

රාජසිංහ Tuesday, 21 February 2023 06:16 PM

ණය අරගෙන තමන්ගෙ උදර පෝෂණය වෙනුවෙන් සැගවූ ප්‍රමාණයන් ණයට ඉල්ලූ බම්බුකාර හිගන්නා ගෙන් දේපොළ රාජසංතක කර හෝ ඩොලර් වලට විකුණා පියවන්න හැමදාම අනුන්ගේ කුණු සදහා ගෙවීමට සාමාන්‍ය අපිට හැකියාවක් නැහැ කියලා තේරුම් ගන්න

:       0       1

Jagath Tuesday, 21 February 2023 10:04 PM

ඔබලා ඉතින් මිනිස්සුන්ට මැජික් පෙන්න පෙන්න ඉන්නවා මිසක්, විදේශ රටවලින් ගත්තු ණය ගෙවන්නේ නෑනේ නැහැනේ... ණයකාර විදේශ රටවල් ළඟදීම ඔබලාට මැජික් පෙන්නයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site