(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව කෙරීගෙන යන බවත්, ඒ නිසා හෙට එතරම් කළුවර නැතිවනු ඇති බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔවුන් විසින් ලබාදී ඇති මූල්‍ය කළමනාකරණය යහපත් කරගැනීම සඳහා වන කොන්දේසි සියල්ලම පාහේ මේ වන විට රජය ඉටුකර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය, ජපානය හා පැරිස් ආධාර කණ්ඩායම ආදී පාර්ශවවලින් ශ්‍රී ලංකාව පිළිබඳ හිතවාදී ප්‍රතිචාර ලැබී ඇති බවත්, අගාධයට වැටීම වළක්වාගැනීමට ඔවුන් මැදිහත්වනු ඇති බවත් කී ඇමතිවරයා ඒ වෙනුවෙන් රටක් ලෙස කළ හැකි කැපවීම් අවශ්‍ය පමණටත් වඩා කර තිබෙන බව ද කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රටේ සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් නිසා ජී.එස්.පී ප්ලස් සහනය නොලැබී යාමේ අවධානමක් තිබෙනවාදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකි දර්ශකයන්ට අනුව මිස ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම්වලට පයින් ගසා ආණ්ඩු නොකරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මුගෙ මුන දැක්කත් මුසලයි.
ඇයි බන් .ණය ගැනම කතා කරන්නේ ?උපයන හැටියක් කතා කරහන්කෝ .උන්ගෙන් වැඩි පුර රට රස්සා ,වැඩිපුර ව්‍යාපාර අවස්ථා ඉල්ලපන්කෝ ,නැත්නම් මට දීපන් ඔය ජොබ් එක මාස 6 කට
හිටපු ගමන් හීනෙන් බයවෙලා වගේ එක එක කතා කියනවා .රටට වැඩකුත් නැහැ .මුට වැඩකුත් නැහැ අන්තිමට
බුහ් බුහ්...ඔහොම යන්කෝ....චන්දෙන් පස්සේ අල්ලලා කනපිටගහනවා බුල්ඩෝග්'ව .
බන්දුල ගුණවර්ධනගේ මුස්පේන්තුකම නිසා තමයි නන්දසේන රාජපක්ෂටත් ඔක්කොම දාලා දුවන්න සිද්දවුනෙ !
තොපි 225 ම ගෙදර පලයව්, එතකොට අපේ හෙට කළුවර නැති වෙනවා නියතයි. ණය අරගෙන රටකරන්න තොපි වාගේ අපතයො මොකටද. මේ කියමන ජෙප්පන්ටත් පොදුයි .
තොගෙ පුරසාරම් නවත්ත ගනිං.බලු කටා
මිනිස්සුන්ට උඹලව එපා වෙලා ඉවරයි තවදුරටත් රවට්ටන්න බැහැ. මිනිස්සු ඊලඟ පාර ඡන්දේ දෙන්නේ NPP එකටයි.
හොරු, කස්සිප්පුකාරයො ,මන්කොල්ලකරයො, කොමිස්කාරයො, ස්ත්‍රිදූශකයො, කප්පම්කරයො යන අයගෙන් තොර, විවිද විශයන්ගෙන් සපිරි උගතුන්ගෙන් පිරි උත්තරිර ස්තානයක් මෙරටට ලබුනු දවසට අනාගත පරපුරට ආලෝය දකින්නට ලැබෙවි.
බලාගෙන හිටපල්ලා, අයි.එම්.එෆ් එකෙන් ඔබලාට දෙයි ලොකු ලබ්බක්. ජී.එස්.පී ප්ලස් එකටත් ඉතාමත්ම ඉක්මණින්ම කෙළවෙලා යනවා. බංකොලොත් වෙච්චි දේශපාලුවන්ගේ හපන්කම් ළඟදීම මුළු රටටම බලාගන්න පුළුවන් වේවි...!
ඒ කියන්නේ තවත් ණය අරන් ඒවා අරාබියට දීලා තෙල් ගෙනත් ලයිට් පත්තු කරන්නද යන්නේ?හැබැයි ලයිට් නැති ගෙවල්වල ඒ ණය ගෙවන්න වෙනවා
හිතන් ඉන්නේ සියලු දේ දත් කියලා...!