විමල්ට වරෙන්තු එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව පවතින නඩුවටක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය. 13 March 2023
සිවිල් ඉංජිනේරුවා මත් පෙති සමග මාට්ටු මත් පෙති අලෙවි කළ බව කියන සිවිල් ඉංජිනේරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි. 13 March 2023
ශ්‍රී ලංකන් ණය කන්ද ඩොලර් කෝටි සියය පන්නයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 13 March 2023
පේරේ ට ගන්න කලින් මනස ගැන සොයයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා සියලුම නවක සිසුන් මෙම වර්ෂයේ සිට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි. 13 March 2023
නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් කප්පම් කාලා පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි 13 March 2023
ගලකින් ගහලා රන්මාලය කොල්ල කාලා මඩකලපුව පුනානි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ හිසට සහ මුහුණට ගලකින් පහරදී ඔහු ගෙබැද සිටි රුපියල් ලක්ෂ 3 ට රන් මාලයක් කොල්ල කා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 March 2023
‘‘පරිප්පුවාට‘‘ වෙඩි තැබූවැයි තිදෙනෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි . 13 March 2023
පළාත් 4 ක වෛද්‍යවරු වර්ජනයක රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අරඹා ඇති ඒකාබද්ධ වර්ජන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දෙමින් බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල පිහිටි සියලු රෝහල්වල අද (13) උදෑසන 8.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 13 March 2023
යාල් දේවි ඔරුගොඩ වත්තෙන් පීලි පනී කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ඔරුගොවත්ත ප්‍රදේශයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 13 March 2023
අපෙක්ෂා රෝහලේ බෙහෙත් මඟඩියකට සූදානමක්? මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 42 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි ඉකුත් වසරේ දී රුපියල් 3000ක පමණ මිලකට මිලදී දී ගත් ඖෂධයක් රුපියල් 30,000 ක් වැනි ඉහළ මිලකට ද රුපියල් හත්දහසකට මිලදී ගත් ඖෂධයක් රුපියල්39,000 ක් වැනි ඉහළ මිලකට ද හදිසි මිලදීගැනීම් යටතේ මිලදී ගැනීමට යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. 13 March 2023
වල්ලපට්ටා ජාවාරමක් කැලණිමුල්ලෙන් එළියට නොමේරූ වල්ලපට්ටා ශාක කොටස් කපා විවිධ ආලේපන ගල්වා උසස් ගණයේ වල්ල පට්ටා ලෙස සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් සිව්දෙනකු කැළණිමුල්ල ගම්සභා හන්දියේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 13 March 2023
හිටපු ඇමතිට නැති තහනමක් දැමූ නිලධාරිනිය ගෙදර පාතාලයකුගේ විදෙස් ගමන් තහනම හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇතුළත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව වාර්තා වේ. 12 March 2023
පෝරණුවේ සැඟවූ රන් හොරු අරන් වැඩි ආරක්ෂාව සඳහා මුළුතැන්ගේ පෝරණුවේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 19 වටිනාරන් භාණ්ඩ කිසිවකු සොරාගෙන ගොස් ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි. 12 March 2023
‘‘දැනෙන වෙනසක් අප්‍රේල්වල කරනවා‘‘ අප්‍රේල් මාසයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 12 March 2023
චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෝ පිරිසක් දිවයිනට සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත. 12 March 2023
දුම්රිය වැසිකිලියේ බිළිදා දමා ගිය යුවළ රිමාන්ඩ් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුල බිළිදෙකු දමා පලාගොස් සිටියදි බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බිළිදා ගේ මවිපිය යුවළ අද (12) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා මහතා සැකකාර තරුණ මව්පිය යුවල මේ මස 15 වනදිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කළේය. 12 March 2023
බණ්ඩාරවෙල ඕ.අයි.සී ගැන පරික්ෂණයක් මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 12 March 2023
මත්තල විදෙස් ආයෝජකයකුට දෙන්න යයි පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 12 March 2023
සාපෙළ පෙරහුරු විභාගය ප්‍රශ්ණ පත්‍ර කලින් පිටවෙලා 11 වසර ශ්‍රේණියේ සිසුනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ පෙරහුුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර කල්තියා නිකුත්ව ඇතැයි ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසයි. 12 March 2023
අත්‍යවශ්‍ය පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 12 March 2023
මැදපෙරදිග රක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමේදී තනි පාර්ශවයකින් ලංසු කැඳවා ඩොලර් 100ක වටිනාකමකට ලබාදීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් කර ඇතැයි විගණකාධිපතිවරයා තොරතුරු අනාවරණය කර ඇතැයි කෝප් කමිටුව පවසයි. 12 March 2023
පාලමත් කඩාගෙන රෝද තුන ගඟට ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පාලම කඩාගෙන ගඟට වැටී ඇත. 12 March 2023
සෞඛ්‍ය නිලධාරිනියට අනාගත සැමියාගෙන් කඩු පහරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ නිවසට කඩා වැදුණු ඇය විවාහ කර ගැනීමට සිටි බව කියන තරුණයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි. 12 March 2023
අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාත් කැමැත්ත දෙයි අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය. 12 March 2023
වී වලට වෙන් කළ කාබනික පෝර සහනාධාරය තේ සහ එළවළු වගාවට රජය වී ගොවීන්ට ලබා දුන් කාබනික පොහොර සහනාධාරය තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය . 12 March 2023
රට යන්න ගිය මහින්දානන්ද ගුවන්තොටුපොළෙන් හරවයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ ට පැමිණ තිබූ අතර , ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත , මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවින් ආපසු සිය නිවෙස බලා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය . 12 March 2023
රිය අනතුරින් දෙදනෙක් මරුට අම්බලන්තොට රිදියගම පාරේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් එහි පැදි කරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පාරෙන් ඉවතට යතුරුපැදිය පැනිම හේතුවෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් තිදෙනාගෙන් පසුපස ගමන් ගත් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි. 12 March 2023
යාපනය වෙරළ තීරයෙන් කේරළ ගංජා මතුවෙයි යාපනය මාදගල් වෙරලතීරයට ගොඩගසා තිබූ රුපියල් මිලියන 41 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 126 ග්‍රෑම් 800 ක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි. 12 March 2023
පෙළ පොත් මුද්‍රණයට ඉන්දියාවේ සහය ශ්‍රී ලංකාවේ මිලියන 4 ක පාසල් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය පෙළ පොත් වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාව සහාය ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 12 March 2023
කතක් ඝාතනය කළැයි යුද හමුදා සෙබලා අත්අඩංගුවට අලවතුගොඩ පොලිස් වසමේ පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 12 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026