( ඩී.ජී.සුගතපාල)
අහංගම මිදිගම වැකඩ පදිංචි පුද්ගලයෙකු ඉලක්කකර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තැබිමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවිම නිසා වෙඩික්කරුවන් පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා රාත්‍රි අටට පමණ වෙළඳසල තුල සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිමට උත්සාහ කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නැත.
ඉලක්කය වැරදුණ වෙඩික්කරුවන්පසුව ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි පොලීසිය කියයි.
වෙඩි තැබිමට ඉලක්කකර ඇති පුද්ගලයා දැනට අත්අඩංගුවේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා යන සැකකරු නිදහස් නොකරන ලෙසට බල කරමින් කොළඹ සහ මිදිගම හන්දියේදි පවත්වනලද විරෝධතා සංවිධානය කරන ලද පුද්ගලයෙකු බවත් එයට පලි ගැනිමක් ලෙස හරක් කටාගේ ගෝලයින් විසින් මෙසේ වෙඩි තැබිමට උත්සාහ කර ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩික්කරුගේ කුරුමාණම වරදී