(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහාවූ විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කෙරිණ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2002 අංක 35 දරණ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ හත් වෙනි වගන්තිය යටතේ බව සංවිධායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රත්නායක මහතාගේ බොහෝ කටයුතු පසුගිය කාලයේදී දැඩි ලෙස විවේචනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට කඩේ ගියා නම් සභාපතිකම රැකගන්න තිබුණු බව ඉතා පැහැදිලියි. මේ අද රටේ සෑම ක්ෂේත්‍රයකම පවතින සාමාන්‍ය තත්වයකි. දේශපාලුවන්ට එවන් අසීමිත බලතල ලබාදෙන අමන ජනතාව මේවාට වගකිව යුතුයි...
කොහොම උනත් Mr.Janaka ජනතාවගේ පැත්තෙන් හිටියා .අපේ ආචාර්ය ,ඕකේ හිටියේ අනෙක් එවුන් තමයි තමන්ගේ වාසිය ගැන බලලා ලයිට් බිල වැඩි කරන්න හෙල්ප් කලේ.උන්ට ශාප වේවා
බයියන්ට දැන් සැපද? කාංචන තමයි හොඳටම කළේ...