IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනක දොට්ට දාන වාර්තාව මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහාවූ  විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කෙරිණ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ  2002 අංක 35 දරණ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ හත් වෙනි වගන්තිය යටතේ  බව  සංවිධායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රත්නායක මහතාගේ බොහෝ කටයුතු පසුගිය කාලයේදී දැඩි ලෙස විවේචනය කළේය.



අදහස් (3)

ජනක දොට්ට දාන වාර්තාව මැතිසබයට

පැරකුම් Tuesday, 09 May 2023 08:09 PM

දේශපාලුවන්ට කඩේ ගියා නම් සභාපතිකම රැකගන්න තිබුණු බව ඉතා පැහැදිලියි. මේ අද රටේ සෑම ක්ෂේත්‍රයකම පවතින සාමාන්‍ය තත්වයකි. දේශපාලුවන්ට එවන් අසීමිත බලතල ලබාදෙන අමන ජනතාව මේවාට වගකිව යුතුයි...

:       1       8

Kazi Shajahan Wednesday, 10 May 2023 08:06 AM

කොහොම උනත් Mr.Janaka ජනතාවගේ පැත්තෙන් හිටියා .අපේ ආචාර්ය ,ඕකේ හිටියේ අනෙක් එවුන් තමයි තමන්ගේ වාසිය ගැන බලලා ලයිට් බිල වැඩි කරන්න හෙල්ප් කලේ.උන්ට ශාප වේවා

:       2       9

fairoos Wednesday, 10 May 2023 12:20 PM

බයියන්ට දැන් සැපද? කාංචන තමයි හොඳටම කළේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site