
(කාංචන කුමාර ආරියදාස)
අගහිඟකම් නිසා පාසල් ගමන නැවතී සිටින දරුවන් පස් දෙනකු ඇතුළු පවුලක් පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයෙන් දිවිල්ල වත්තේගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.
වයස අවුරුදු 70ක වූ ඩබ්ලිව්.ජී. ප්‍රේමාවති නමැති මිත්තනිය ළඟ මෙම පාසල් යන වයසේ දරුවන් පද් දෙනා දිනකට එක වේලක් පමණක් අහාර ගෙන ජීවත්වන බවත් ඔවුන්ට පාසල් ගමන නැවත ලබා දෙන්නට කාගේ හෝ පිහිටක් ඇවැසි බවත් ප්‍රදේශයේ කාන්තාවක අපට කීවාය.
ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරියේ සෑම අයකුමමෙම දරුවන් පස් දෙනි පිළිබඳව දැනුවත් කළ ද මෙතෙක් කිසිදු පිහිටක් නැති වූ තැන අඩුම තරමේ මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහවත් රටවැසි අවධානය ද යොමු කරලීම තම අරමුණ බව ද ඇය පැවැසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමට වඩා මෙම ලමයින් අද රටෙ ඉන්න කමාතුරයින්ගෙන් බෙරගන්න, ලමා හා කන්තා කාර්යාන්සය මැදිහත්ව වැඩ පිලිවලක් ඉතා ඉක්මනින් හැදිය යුතුය...නැතිනම් මෙ මල් කකුලු විනසයි....
මට උදවු කරන්න පුළුවන් . කරැණාකරල මට සම්බන්ද කරගතහැකි අංකයක් එවන්න
ඉතාම කණගාටුයි... මේ ළමයින්ගේ දෙමව්පියන් නැද්ද?
මේ අයව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න...
දරුවෙක් උපදින්න පෙර සිටම බලන්න නිලධාරින් හැටහුටහමාරක් ඉන්නවා. ඊළඟට සංවර්ධනය කරන්න ගමකට එකෙක්, දෙන්නෙක් සංවර්ධන නිලධාරින් කියලා ඉන්නවා. ඊළඟට ග්‍රාම නිලධාරින් ඉන්නවා වසමේ ඇවිදීමට දීමනා දෙනවා. දුරකථන දීලා තිබුණාට ක්‍රියාවිරහිතයි. ඒ අතර මාසෙකට වතාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස රැස්වීමක් තියලා වසම්වල ප්‍රශ්න සාකච්ඡා කරනවා. එහෙම නම් මේ වරද සිදුවුණේ කොතැනද කියලා බලන්න කෙනෙක් නැද්ද?
උදව් කරන්න කැමැතියි. බැංකු නොම්මරයක් එවන්න. පාසලේ නොම්මරයත් එවන්න.
කරුණාකරලා මේ අයට උදව් කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න.
රටේ පොදු ධනය සූරාකමින් ජනතාවට මෙවන් තත්වයක් උදාකල පාහර පාලකයින්ට හෙන නොවැදීම පුදුමයක්...
මෙයාලට උදව් කරන්න ඉදිරිපත් වූ මහත්වරුනි, ඔබලාට බොහෝ පින්. තවමත් රටේ සානුකම්පිත මිනිසුන් සිටින එක ගැන සතුටුයි...
ඇයි ආච්චි අම්මා ඉස්සරහට දාලා අම්මා හැංගිලා ඉන්නේ. මේ දරුවන්ගේ තාත්තා කෝ...? රජයේ නිලධාරීන්ට මේවා හොයන්න වෙලාවක් නැහැනේ. එයාලාගේ වැඩනේ. අඩුම ගානේ ග්‍රාමසේවක මහතෙක් වත් නැද්ද මේ ගමට මේවා හොයන්න. ගමේ මිනිස්සුවත් මේ ළමයින්ට කෑම ටිකක් දෙන්න කරුණාවන්ත හිතක් උණුවෙන්නේ නැද්ද?
ග්‍රාම සේවකලා සමෘද්ධි නිලධාරීන් ගොවි නියාමකලා කියන්නේ පට්ට හොරු...
කරුණාකර මට දුරකථන අංක එවන්න...
උදවුවක් කරන්න පුළුවන් .මෙම පවුලේ කෙනෙකුගේ දුරකථන අංකයක් තිබේනම් .නැතහොත් පාසලේ දුරකථන අංකය හෝ ලබාදෙන්න
දන්න කෙනෙක් දුරකථන අංකය දාන්න මේකේ බයිබල් ගහන ජෙප්පන් ගෙන් වැඩක් නෑ උන් තප්පඋලනව විතරයි
කාංචන කුමාර ආරියදාස ගේ තවත් බිස්නස් එකක්
මේක ලොකෙ වටෙ යන්න ඔන නැහැ. ගමෙ පන්සලෙ හාමුදුරුවො එක්ක හරි පල්ලියෙ පියතුමා එක්ක කතා කරන්න. හොඳ විදියකට විසදල දේවි.