IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පසුගිය මැයි 9 විනාශ වූ බස්වලට තවමත් වන්දි නෑ

(නිමල කොඩිතුවක්කු)

අරගලය අතරතුර මැයි 09 වෙනිදා  රටේ සිදුවූ සිදුවීමට වසරක් ගත වුවත් ගිනි තබා විනාශ කළ බස් රථ වෙනුවෙන් කිසිදු වන්දි ප්‍රදානයක් මේ දක්වා සිදුකර නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

එම සිදුවීමෙන් බස්රථ 32ක් සම්පූර්ණයෙන් විනාශ වී බස්රථ පනහකට අධික සංඛ්‍යාවක් අර්ධ හානි සිදු වූ බවත් විජේරත්න මහතා පැවසීය.

මේ හේතුවෙන් බස් රථ හිමියන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දුන් බවත් බස් රථ සේවකයන්ට මේ දක්වා රැකියාව අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

විපතට පත් දේශපාලනඥයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ ද විනාශ වූ බස් රථ වෙනුවෙන් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් විජේරත්න මහතා තවදුරටත් කීවේය.



අදහස් (6)

පසුගිය මැයි 9 විනාශ වූ බස්වලට තවමත් වන්දි නෑ

Manoj Tuesday, 09 May 2023 05:14 PM

ඒවාට තමයි රක්ෂණය කියලා දෙයක් තියෙන්නේ... පූර්ණ රක්ෂණයක් දාලා තිබ්බානම් හරිනේ...

:       0       0

yaka Tuesday, 09 May 2023 06:12 PM

මොකටද ඒ අයට වන්දි ගෙවන්නේ...? පාඩුවේ හිටපු මිනිස්සුන්ට ගහන්න මිනිස්සු පුරවන් ආපු එකටද?

:       1       49

Lakmal Bandara Tuesday, 09 May 2023 06:43 PM

වන්දි දෙන්නේ මොකටද?

:       0       55

C.K.Lankaputhra Wednesday, 10 May 2023 04:03 AM

ඔහෙලගෙ බස් වගේද ඇමති මන්ත්‍රී හාමුලගෙ ගෙවල්. ඒ ගොල්ලන්ට වන්දි ගෙවල සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර උනාට පස්සෙ තමයි ඔයගොල්ලන්ගෙ මල ඉලවු බස් ගැන සලකා බලන්නේ. එතකන් අපට කහින එක දිගටම කරගෙන යන්න.

:       0       3

විසිල් Wednesday, 10 May 2023 09:14 AM

ලංකාවේ විශාලතම මාෆියා ව්‍යාපාරයක්. හිටන් ගියත් 100යි. ඉදන් ගියත් 100යි. නැමිලා ගියත් 100යි. එල්ලිලා ගියත් 100යි. බස් අතර කාල පරාසය අඩු කරන්න දෙන්නේ නැහැ . ලාභය අඩු වෙනවාලු එතකොට .

:       0       3

Bamunuarachchi Wednesday, 10 May 2023 05:28 PM

ඒකයි ඊට අදාළ රක්ෂණ කර තිබෙන්න ඕනේ කියන්නේ... ඔහෙලාගේ බස්වලට වෙන හානිවලට ජනතා මුදලින් වන්දි ගෙවන්නේ මොන කෙන්ගෙඩියකටද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site