(නිමල කොඩිතුවක්කු)
අරගලය අතරතුර මැයි 09 වෙනිදා රටේ සිදුවූ සිදුවීමට වසරක් ගත වුවත් ගිනි තබා විනාශ කළ බස් රථ වෙනුවෙන් කිසිදු වන්දි ප්‍රදානයක් මේ දක්වා සිදුකර නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එම සිදුවීමෙන් බස්රථ 32ක් සම්පූර්ණයෙන් විනාශ වී බස්රථ පනහකට අධික සංඛ්‍යාවක් අර්ධ හානි සිදු වූ බවත් විජේරත්න මහතා පැවසීය.
මේ හේතුවෙන් බස් රථ හිමියන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දුන් බවත් බස් රථ සේවකයන්ට මේ දක්වා රැකියාව අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
විපතට පත් දේශපාලනඥයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ ද විනාශ වූ බස් රථ වෙනුවෙන් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් විජේරත්න මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවාට තමයි රක්ෂණය කියලා දෙයක් තියෙන්නේ... පූර්ණ රක්ෂණයක් දාලා තිබ්බානම් හරිනේ...
මොකටද ඒ අයට වන්දි ගෙවන්නේ...? පාඩුවේ හිටපු මිනිස්සුන්ට ගහන්න මිනිස්සු පුරවන් ආපු එකටද?
වන්දි දෙන්නේ මොකටද?
ඔහෙලගෙ බස් වගේද ඇමති මන්ත්‍රී හාමුලගෙ ගෙවල්. ඒ ගොල්ලන්ට වන්දි ගෙවල සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර උනාට පස්සෙ තමයි ඔයගොල්ලන්ගෙ මල ඉලවු බස් ගැන සලකා බලන්නේ. එතකන් අපට කහින එක දිගටම කරගෙන යන්න.
ලංකාවේ විශාලතම මාෆියා ව්‍යාපාරයක්. හිටන් ගියත් 100යි. ඉදන් ගියත් 100යි. නැමිලා ගියත් 100යි. එල්ලිලා ගියත් 100යි. බස් අතර කාල පරාසය අඩු කරන්න දෙන්නේ නැහැ . ලාභය අඩු වෙනවාලු එතකොට .
ඒකයි ඊට අදාළ රක්ෂණ කර තිබෙන්න ඕනේ කියන්නේ... ඔහෙලාගේ බස්වලට වෙන හානිවලට ජනතා මුදලින් වන්දි ගෙවන්නේ මොන කෙන්ගෙඩියකටද...?