වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ. 14 March 2023
පුංචි පාර්ලිමේන්තුවේ කාලය 19යෙන් අවසන් සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන හෙයින් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් පාවිච්චි කරන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ අදාල ආයතනවලට එදිනට පෙර බාර දෙන්නැයි දැනුම්දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 14 March 2023
රත්නපුරෙන් පුෂ්පරාග හමුවෙයි ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත. 14 March 2023
හෙට වර්ජනයට ගැමුණුගේ බස් නෑ හෙට(15) දිනයේ සිදුකරන වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 14 March 2023
ජල සම්පාදනෙත් වර්ජනයට සහය දෙයි බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවලට එරෙහිව සිදු කරන සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද(14) සිට පියවර ගෙන තිබේ. 14 March 2023
මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අතුරුදන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ ආරක්ෂක නිළධාරියෙකුට අයත් සේවා අවිය (පිස්තෝලය) අස්ථාන ගත වි ඇති බවට එම ආරක්ෂක නිළධාරියා විසින් අද (14) බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ. 14 March 2023
බස්නාහිර පාසල් විභාගත් කල්යයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් මේ මස 21 සහ 22 දින දක්වා කල්දැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කළාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ. 14 March 2023
ඉදිකිරීම් නිලධාරීන් 33කට කෝටි ගාණක දීමනා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් තිස් තුන් දෙනකුට අවස්ථා හයකදී ස්ථිර තනතුරට හිමිවන වැටුපට අමතරව රුපියල් කෝටියකට ආසන්න මුදලක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට පටහැනිව 2020 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 14 March 2023
තැපැල්-බැංකු සේවකයෝ විරෝධතාවක ආණ්ඩුවේ නව බදු පනතට සහ බැංකු ණය පොලී ඉහළ දැමීමට විරෝධය දක්වමින් තැපැල් සේවකයෝ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටත් බැංකු සේවකයෝ කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට අද (14) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 14 March 2023
දුම්රිය සේවක නිවාඩු අවලංගුයි අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 14 March 2023
යාපනයේ කඩු කල්ලියක ප්‍රබලයින් 05 ක් දැලේ යාපනයේ ක්‍රියාත්මක කඩුකල්ලියක ප්‍රභල සාමාජිකයින් 05 දෙනෙකු යතුරුපැදි සහ තියුණු කඩුද සමග අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් කොට්ඨාශ අපරධ විමර්ශන අංශය පවසයි. 14 March 2023
පරිගණකයෙන් ආ මරුවාට සිසුවා ඩැහැගන්න බැරිවෙයි යාපනය විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු පසලේ ගොඩනැගිල්ලක තුන්වෙනි තට්ටුවෙන් බිමට පැනීමේදී විදුලි රැහැනකද පැටලී වැටීමෙන් තුවාල ලබා අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි. 14 March 2023
කොල්ලුපිටිය හෝටලයක වැඩ කළ විදේශිකයකුට චෝදනාවක් වීසා නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැකියාවේ නිරත වූ විදේශිකයකු විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් කළ බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 14 March 2023
ඩොලරය යළි ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද(14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 14 March 2023
බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(14) බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණෙන ලදි. 14 March 2023
රේගු නිලධාරීහූ නව බද්දට විරෝධය දක්වති රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සටන් කරන සමස්ත වෘත්තිය සමිති ව්‍යාපාරය සමඟ එකතුව විරෝධය පළකරන බවත් වෘත්තිකයන් සහ රාජ්‍ය සේවකයන් කබලෙන් ලිපට ඇද දමන බදු සංශෝධනය වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරන බවත් රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 March 2023
මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් යයි සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත. 14 March 2023
ශාෆ්ටර්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණ කල් යයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 22 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කළේය. 14 March 2023
රාජ්‍ය ආදායම ඉහළ ගියොත් පළමුව සහන රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය ආදායම ඉදිරියේදී ඉහළ ගියහොත් පළමුවෙන් සහන ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය. 14 March 2023
විමල්ගේ වරෙන්තු ආපසු කැඳවයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ වරෙන්තුව ආපසු කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කළේය. 14 March 2023
පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ සායනික පුහුණුව දීම ගැන බලන්න කමිටුවක් රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාල වල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 14 March 2023
දරුවන් එළියෙ තබලා මව්පියෝ බූරු ගහලා පාසල් නිමවීමෙන් පසු තමන් සමඟින් ආ දරුවන්ගේ පොත් බෑග් නිවසින් පිටත තබා, දරුවන් මිදුලෙහි සෙල්ලම් කිරීමට යොමුකර නිවසක් ඇතුළත සූදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 March 2023
මෛත්‍රීගේ පෙත්සම විනිසුරු මඩුල්ලක් හමුවට අදාල තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පෞද්ගලික අපරාධ පැමිණිල්ල වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(14) නියෝග කළේය. 14 March 2023
හිටපු කොටි කත රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් , ව්‍යාජ ලේඛණ සකස් කර විදේශ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 14 March 2023
කොල්ලකරුවන්ට වැඩ වරදී තලවතුගොඩ ප්‍රදේශයෙ වෙළඳසැලක් කොල්ලකෑම සඳහා ආයුධ සන්නද්ධව ඇතුලු වී සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු බෝම්බයක් සහ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි 14 March 2023
සියලු දුම්රිය මැදිරි අමුතු අංකයකින් වෙන්කරලා කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1015 දරණ දුම්රියේ සියලුම වෙන්කළ හැකි මැදිරි මේ මස 20 වැනිදාට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සංචාරකයන් පිරිසකට වෙන් කර ඇතැයි දුම්රිය වාණිජ අධිකාරිවරයා ලිඛිතව දැනුම්දී තිබේ. 14 March 2023
රූමතියගේ ඝාතකයා ගොයම් ගහෙන් අල්ලයි මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි. 14 March 2023
තැනින් තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 14 March 2023
සැමියා දොස්තර බිරියට පිහියෙන් අනී කොළඹ සොයිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ඇගේ සැමිය පිහියකින් කපා බරපතළ බරපතල තුවාළ සිදු කර ඇතැයි ගම්පහ නුංගමුව පොලිසිය කියයි. 13 March 2023
‘‘බූරුමුණා‘‘ රැගෙන ගිය තවත් හතරක් මාට්ටු විදේශත වීම සදහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදි අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි වෙඩික්කරුවකු වන “බූරුමූණා” නමැත්තා ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන සැකකරුවන් සිවදෙනකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 13 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026