(ඉස්ලාමාබාද්හිදීය) (රොයිටර්)
ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ අද (11) නියෝග කළේය.
ඉම්රාන් වහා නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේ ඔහු අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පෙන්වා දෙමිනි.
පසුගිය 9 වැනිදා හිටපු අග්රා මාත්යයවරයා ඉස්ලාමාබාද් මහාධිකරණය පැමිණියේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්භන්ධයෙන් පැවැති නඩුවකට පෙනී සිටීමටය.
එම අවස්ථාවේ, අධිකරණ භූමියට පැමිණ සිටි පාකිස්තාන හමුදාවේ අතිරේක බලඇණියක්, පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශයේ මෙහෙයවීම යටතේ, ඉම්රාන් අත්ඩඅංගුවට ගත්තේ තවත් දූෂණ චෝදනා කීපයක් සම්බන්ධයෙනි.
පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය අද (11) ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කළේ ඉම්රාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවය.
හිටපු අග්රාගමාත්යි ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා රැල්ලක් ඇරැඹිණි.
ආරක්ෂක අංශ සමඟ ගැටුණු ඉම්රාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂ සාමාජිකයන් අට දෙනකු එම ගැටුම් නිසා ජීවිතක්ෂයට පත් වුණු බවත් 1000 කට වැඩි පිරිසක් අත්ඩංගුවට ගැණුනු බවත් වාර්තා වෙයි. ආරක්ෂක අංශ සමඟ ගැටුම්වලින් තුවාල ලැබූ ගණන 2000 කට ආසන්නය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන හිටපු අගමැති නිදහස් කරයි
නින්දිත දේශපාලන ක්‍රීඩාවේ කලූ පුල්ලියක්.... Thursday, 11 May 2023 10:57 PM
නින්දිත දේශපාලන ක්‍රීඩාවේ කලූ පුල්ලියක්....ආසියාවේම සක්කිලි දේශපාලන පලිගැනීමක්. හෙලා දකිනවා
ජයවේවා Friday, 12 May 2023 07:07 AM
ජයවේවා.