බඹරු පාසල් සිසුනට පාඩමක් කියා දෙති වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල ගත කළ බව බෝගස්වැව පොලිසිය කියයි. 17 October 2022
වෙඩිතියන්න ගිනි අවිය දුන් සැරයන් අත්අඩංගුවට අහුංගල්ල හෝටලය ඉදිරිපිට ඉකුත් 12 දින සිදු වූ වෙඩි තැබීමට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අධාර අනුබල දීම යටතේ සැකකරුවෙක් මීගහතැන්න ප්‍රදේශයේ දීී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2022
අදත් බොහෝ ප්‍රදේශවලට වැසි පවතින වැසි තත්වයේ යම් අඩුවක් වුවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2022
පොලිස් බාරයට ගත් යතුරු පැදිය පොලිස් කොස්තාපල් විකුණලා රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් රුපියල් 10,000 ක මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අලෙවි කර තිබු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. 17 October 2022
සජබ නාවලපිටි සංවිධායක ඇතුළු 15 දෙනා මුදාහරියි නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පහළොස් දෙනා නාවලපිටිය ඇපමත මුදාහරින්නැයි මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය. 17 October 2022
කෝටි 1156ක් වතුරේ ගිය දුම්රිය පෙට්ටි සෙල්ලම ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් කෝටි 1156ක් වැය කර (ඇමරිකන් ඩොලර් කෝටි 8.26ක්) මිලදී ගත් දුමිරිය මැදිරි 160 නිසි පරිදි මගී ප්‍රවාහනයට යොදවා නැතැයි විගණන වාර්තාවකින් කියැ වේ. 17 October 2022
ඉන්දියාව සීරුවෙන් චීනය ශ්‍රී ලංකාවේ අධිතාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි ’’ද හින්දු පුවත්පත’’ වාර්තා කළේය. 17 October 2022
මහින්දානන්ද ජවිපෙට කළ අභියෝගය ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දයේ දී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියෙන් එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් තමා එදින සිට දේශපාලනය කරන්නේ නැතැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 17 October 2022
කළු සල්ලි සුදු කළ ප්‍රියමාලිගේ තව වැඩ එළියට පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි පියමාලි නැමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ක්‍රිස් බිල්ඩිමේ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංරංචි මාර්ග පවසයි. 16 October 2022
‘‘ජනපතිගෙ වැල් පාලමෙන් චෞර වළල්ල ගොඩ යන්න හදනවා‘‘ පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපැවසීය. 16 October 2022
බදු පැනවීම තොරතුරු තාක්ෂණයටත් බලපාලා ශ්‍රී ලංකාවට 2025 වසරේදී තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක හෙවත් ඩොලර් කෝටි 500 ක විදේශ විනිමය ආදායමක් ඉපයීමේ ඉලක්කයක් ඇති බවත් හිටිහැටියේ බදු පැනවීම එම ඉලක්කයට බාධාවක් බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පැවසීය. 16 October 2022
සාගින්නෙන් ලංකාව 64 වැනි තැනට මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 16 October 2022
ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් යහපත් අපෙක්ෂාවක් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 October 2022
තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (16) සහභාගී විය. 16 October 2022
දුම්රිය මාර්ග පද්ධතියෙන් අඩක් අබලන් දුම්රිය මාර්ග පද්ධතියෙන් සියයට 50 කට අධික ප්‍රමාණයක් ධාවනයට නුසුදුසු තත්වයක පවතින බව දුම්රිය මාර්ගය ප්රතිසංස්ථකරණය කිරීමට අවශ්‍ය රේල්පීලි ඇතුළු භාණ්ඩ දැඩි හිඟයක් පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 October 2022
සොබාදනවි බලාගාරයට අති නවීන ටර්බයිනයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.ජී) වන ”සොබාදනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අති නවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 16 October 2022
රුසියා යුද කඳවුරක වෙඩි තැබීමකින් 11 මරුට හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු රුසියානු බෙල්ගොරොඩ් පළාතේ සිදු කළ වෙඩි තැබීමකදී යුද පුහුණුව ලබමින් සිටි 11 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 16 October 2022
ලංකාවෙන් නව මදුරු විශේෂයක් සොයාගනී ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක මහතා පවසයි. 16 October 2022
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුව අවලංගු කරයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 16 October 2022
කොළඹ කැළඹූ වෙඩික්කරුවකු අල්ලයි කොළඹ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 16 October 2022
ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් 36ක් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව පවසයි. 16 October 2022
නාවලපිටිය උණුසුම් වේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 16 October 2022
ගොවි සිහින සැබෑ කළ තලාවේ ගොවි ගම්මානය වෙිලිච්ච මිරිස් සේ වෙිලුණු ජීවිත අස්සෙන් සරු අස්වැන්නනක සුබ සිහින දකින්නට පොර කන අනුරාධපුරයේ ගොවි ගම්මානයක සැප දුක බලන්නට අපි එහි ගියෙමු. 16 October 2022
තමිල්නාඩු ධීවරයින්ට පහර දුන්නැයි ලාංකික ධීවරයින්ට චෝදනා තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉකුත් 12 වැනිදා තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 20 ක් පමණ දුරින් මාළු අල්ලමින් සිටියදී කිසියම් පිරිසක් පහර දී ඇතැයි ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කළේය. 16 October 2022
වැස්සෙන් පීඩිත අයට සහන දෙන්න මුදල් වෙන් කරයි අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 16 October 2022
මහින්ද ඔය තත්වයට වැටණේ බේබිලා නිසයි මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 16 October 2022
’’රනිල් දැන් හොඳයි’’ රනිල් වික්‍රමසිංහ මහතාට අප උදව් කරන්නේ දැන් ඔහු වෙනස්වී සිටින නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 October 2022
අරගලයට ආවේ ලක්ෂ දෙකකටත් අඩුවෙන් බුද්ධි අංශ වාර්තා වලට අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බවත් ඒ පිරිසට බියවී එවකට ආණ්ඩුව අඩියක් පිටුපසට ගත් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 16 October 2022
බැසිල් අද හෙටම එනවා: පොහොට්ටුවට නායකත්වයත් දෙනවා බැසිල් රාජපක්ෂ මහතා අද හෙටම නැවතත් පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා පැවසීය. 16 October 2022
ගිනි ගත් කජීමා වත්තේ වාර්තාව එළියට ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනා ගෙන තිබෙි. 16 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026