
බස්නාහිර,සබරගමුව, මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100කට වැඩි තද වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඌව සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැසි වාර කීපයක් ඇති වේ.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 40 -45 අතර තද සුළං ඇතිවිය හැකියි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘‘මොඛා‘‘ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වි මැයි 11 වැනි දින 23.30 වන විට 12.70 N iy 88.10 E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැතිණි. එම සුළං පද්ධතිය උතුරු දෙසට ගමන් කරමින් ඉදිරි පැය 6 තුළදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත. තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන්කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිනිකෝන දිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු අක්ෂාංශ 03-20ත් සහ නැගෙනහිර දේශාංශ 85-100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාපත සිට පුත්තලම,මන්නාරම,මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මොඛා‘‘ චණ්ඩ වේ