
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ලබා ලබාදීම සඳහා රැස් කරන ලද පවුල් ලක්ෂ තුනක පමණ දත්ත අස්ථානගත වී තිබෙන බවට ආරංචි ලැබී තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
එය සිදුවූයේ කෙසේදැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනවිය දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියත් ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව ද කීවාය.
නිර්ණායක විසිදෙකක් අනුව දත්ත එකතු කළ යුතුව තිබෙන බවද දත්ත එකතු කිරීමේ දී යම් ප්‍රශ්නයක් ආවා ද?දත්ත අප්ඩේට් කිරීමේ ක්‍රමවේද දෙපාර්තමේන්තු වල තිබෙනවාදැයි අමරසූරිය මෙනවිය කීවාය.
ජන සවිය ,සමෘද්ධිය ආදී සියල්ල දේශපාලනීකරණය වීම නිසා හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි ද සුභසාධක වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් එය දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතු යැයි ද අමරසූරිය මෙනවිය පැවැසුවාය.
සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් වන වැඩසටහන් වල දැනටත් දේශපාලනය පෙනෙන්නට තිබෙන බවද අස්වැසුම වැඩසටහනත් විකෘතී නොවන්න ගෙන තිබෙන පියවර මොනවාදැයි අමරසූරිය මෙනවිය ප්‍රශ්න කළාය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් ලක්ෂ තුනක අස්වැසුම දත්ත අස්ථානගත වුනාද?