හරක්කටා සහ සළිඳු හෙට දිවයිනට ගෙනෙයි පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත යන දෙදෙනා හෙට (14) අලුයම මෙරට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 13 March 2023
කපිතාන් ලෙස පෙනී සිට කප්පම් අරන් මාට්ටු යුද හමුදා විශේෂ බලකායෙ කපිතාන්වරයකු ලෙස හා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හඳුන්වා දෙමින් ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබාගත් යුද හමුදාවේ හිටපු සෙබළෙක් ගල්කිස්ස ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිට දී පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත 13 March 2023
ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරු අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයෙන් ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවැනි අදියර නිවසක් ඉදිරිකිරීමේ පිරිවැය තුන් ගුණයකින් ඉහළ දැමීමට හැකිවී තිබේ. 13 March 2023
විදුහල්පතිගේ ආරෝවෙන් දරුවෝ අව්වේ විභාග ලියති කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියනට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අවුරශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියෝ දැඩි පීඩාවන්ට පත්වූහ. 13 March 2023
රනිල් චීන බැඳීම ශක්තිමත් කරයි තුන්වන ධුර කාලය සඳහා තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පළ කර තිබෙි. 13 March 2023
ගෙවල් සුද්දයට හිටපු හමුදා නිලධාරියෙක් මාට්ටු රුපියල් ලක්ෂ1,357හතක් පමණ වටිනා ප්‍රාඩෝ ජීප් රථ දෙකක් වැගන් ආර් වර්ගයේ වෑන් රථ දෙකක් සහ නවීන පන්නයේ යතුරුපැදියක් සහ රත්තරන් මාලයක් හොරා ගෙන ගිය බව කියන යුද හමුදාවේ විශ්‍රාමික දෙවෙනි ලුතිනන්වරයකු සහ තවත් පුද්ගලයකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 13 March 2023
මවපියා බැදලාද උප්පැන්නයෙන් ඉවත් කරනවාද? දරුවෙක්ගේ උප්පැන්නය ලියාපදිංචි කිරීමේදී මව්පියෝ විවාහක ද කියන කාරණය ඉතාම ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මවකට සමාජය තනිව ජීවත්වීමේ හැකියාව තිබිය යුතු මෙන්ම එය කිසිම අපහසයකට කාරණයක් නොවන බවත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (13) පැවසුවා. 13 March 2023
විදුලිබල ඇමති මණ්ඩලයේ සියලු වෘත්තිය සමිති කැඳවයි ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීය. 13 March 2023
දෙපයින් නැගිටින්න බැරි නම් අයි.එම්.එෆ් උදව් නෑ වැඩවර්ජන කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය ගිවිසුම අත්සන් කිරීම කඩාකප්පල් කිරීමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 13 March 2023
ඛනිජ තෙල් බෙදාහැරීමට අලුත් වැඩපිළිවෙළක් ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 March 2023
‘‘ගාන වැඩි කළා: ප්‍රශ්න පත්‍ර බලන්න‘‘ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතරු පත්‍ර ඇයයීමේ නිරතවන පරික්ෂකවරුන්ට ගෙවන දීමනා සහ ගාස්තුව මෙවර සියයට සියයකින් ඉහළ දමා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 13 March 2023
පුංචි ඡන්දය අත්‍යවශ්‍යයි - ජූලි චන්ග් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසා ඇත. 13 March 2023
වෑන් රථයේ පැටළුණු කත කිලෝ මීටරයක් ඇද ගෙන යයි යතුරු පැදි වෑන් රථයක් අනතුරක් හේතුවෙන් වෑන් රථයේ පැටලුණු කාන්තාවක ඇදෙන යද්දී වෑන් රථය පසු පස පන්නාගොන් ඇය බේරාගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 13 March 2023
පූජිත්-හේමසිරි එරෙහි පෙත්සම විභාගයට අවසර පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 13 March 2023
පවිත්රාට අලුත් තනතුරක් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය. 13 March 2023
සරණට ඇප සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් කුලී පදනම මත වාහන ලබා ගෙන මණ්ඩලයට රුපියල් ලක්ෂ 35 ක අලාභයක් වන අන්දමට කටයුතු කළ බවට චෝදනා ලැබු හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය 13 March 2023
කොන්දක් තිබේ නම් ඡන්දයක් තියන්න පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 13 March 2023
ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක් නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි. 13 March 2023
සාමාන්‍ය පෙළ විභාගය කල්යයි? මැයි මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) කල්යෑම ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 13 March 2023
හූනියමක් කරන්න 105 මවගේ ඔළුව ගලවලා උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමජ මාධ්‍ය ජාලාවලට මුදා හළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි. 13 March 2023
බාල ඖෂධ බෝතල් 6000 ක් කුණු කූඩෙට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට බෙදා හැර තිබූ ඖෂධ බෝතල් 6000 ක තොගයක් තත්වයෙන් අසමත් බවට තහවුරුවීම හේතුවෙන් එම ඖෂධ බෝතල් ( පාවිච්චි කර ඉතිරිව තිබූ කොටස) 2021 වර්ෂයේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 13 March 2023
සහන කාලයේදී ඩොලර් මිලියන 30 ක් එළියට මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලාංකිකයන් සඟවා ගෙන සිටි ඇමෙරිකානු ඩොලර් හුවමාරු කිරීම සඳහා මහ බැංකුව ලබා දුන් සමා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදල් ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට පැමිණි බවත් වර්තමානයේ රුපියල ශක්තිමත් වීමට පටන් ගැනීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් හදිසියේ දේශීය වෙළඳපොළට පැමිණ ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. 13 March 2023
සංචාරකයාගේ බෑගයෙන් කෝටි දෙකක කොකේන් මතුවෙයි රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් සමඟ මැසිඩෝනියානු ජාතිකයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (13) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පැවසීය. 13 March 2023
වරාය සේවකයෝ අදත් විරෝධයේ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති උපයනවිට බද්ද වාහා අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ වරාය සේවකයෝ වරාය ඉදිරිපිට අද (13) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 13 March 2023
ආදි ආනන්ද-නාලන්ද ක්‍රිකට් ගැටුම ඩුබාහිදී එක්සත් අරාබි එමිර් රාජයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ‘ඕල්කට්’ අනුස්මරණ අන්තර් පාසල් ආදි ශිෂ්‍ය වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල් ආදි සිසු කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාව කොළඹ නාලන්දා විදුහල් ආදි සිසු කණ්ඩායමට හිමිවිය. 13 March 2023
අයවැයෙන් ඡන්දෙට වෙන කළ සල්ලි ප්‍රමාණවත්ද? අයවැයෙන් මැතිවරණවලට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත්දැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 13 March 2023
පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන කසිප්පු මුදලාලි මාට්ටු කසිප්පු විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 13 March 2023
නවසීලන්තය තියුණු ජයක් සංචාරක ශ්‍රී ලංකාවට එරෙහිව ක්රයිස්ට්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු 2 ක තියුණු ජයක් අද (13) ලැබීය. 13 March 2023
සරණාගත කඳවුරට හිතාමතා ගිනිතබලා? ගිනිකොනදිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක පසුගිය 5 වැනිදා එරට වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ඇති වූ ගින්න සැලසුම් සහගතව සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. 13 March 2023
ඔස්කාර් සම්මාන උළෙලින් 95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ(12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. 13 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026