(මුදිතා දයානන්ද)
උප පොලිස් පරීක්ෂක තනතුරට 2013දී බඳවා ගත් පොලිස් නිලධාරීන්ට වසර දහයකට අධික කාලයක් තිස්සේ තවමත් එම තනතුරේම රාජකාරී කිරීමට සිදුව ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ.
උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා බඳවා ගන්නා නිලධාරීන්ට වසර අටක් ඇතුළත පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම් ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය බවද එහෙත් මෙම කණ්ඩායමට මෙතෙක් උසස් වීම් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සිදුකර නැති බව ද වාර්තා වේ.
මෙලෙස මෙම කණ්ඩායමට උසස්වීම් ලබා නොදෙන්නේ පොලිස් පරීක්ෂක තනතුරේ පුරප්පාඩු රැසක් තිබිය දී බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එවැනි උසස් වීම් පිළිබඳ ලිපිගොනුවක් තමන් වෙත ලැබී ඇත්දැයි කිව නොහැකි බවය.
අපට පැමිණිලි හා උසස්වීම් පිළිබඳ ලිපිගොනු ඉතා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ සේරම අපි දැන් පරීක්ෂා කරගෙන යනවා. මෙවැනි අසාධාරණයකට ලක්වුණු කෙනෙක් ඉන්නවා නම් ඇවිත් ඒ ලිපිගොනු පරීක්ෂා කර බලා අපට යොමු කළොත් ඒ ගැන සළකා බලන්න පුළුවන්. ඇත්තටම එහෙම ලිපිගොනුවක් තිබෙනවාද කියලාවත් මට දැන් මේ ලිපිගොනු ගොඩ දිහා බලලා කියන්න අමාරු යැයි ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර අටේ පොලිස් නීතිය හමස් පෙට්ටියේ
පැරකුම් Wednesday, 10 May 2023 10:12 PM
පොලිස් කොමිසමේ සභාපති කිසිදු වගකීමක් නැති අපතයෙක් මෙන් කතාකිරීම ඉතා කණගාටුදායකයි. තනතුරේ කීර්ති නාමය රැකෙන පරිදි වහාම ඉල්ලා අස්වීම ශුභදායක බව කිවයුතුය.
Lakmini Thursday, 11 May 2023 08:58 AM
උසස්වීම් දෙන්නම වටින කට්ටිය