
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබාදුන්නේය.
හිටපු අගමැතිවරයා ඊයේ දින අත්අඩංගුවට ගැනීමත් සමග රට තුළ පැතිර ගිය විරෝධතා මධ්‍යයේ බලුකිස්තාන්, පන්ජාබ් සහ කයිබර්-පක්තුන්ක්වා යන පළාත්වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පාකිස්තාන හමුදාව කැඳවා ඇත.
70 හැවිරිදි ඔහු 2018-22 අතර අගමැති ධුරයේ සිටියදී රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් අධිකරණයක් අධිචෝදනා ගොනු කර ඇති බව එරට පුවත් වාර්තා කරයි.
නිරිතදිග නගරයක් වන ක්වෙටා හි අවම වශයෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර පන්ජාබ් පළාතේ 1,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටපුරා විරොධතා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පාලකයින්ට ලැබුණු තෑගි කෙසේ වෙතත් කෞතුකාගාරයේ තිබී අස්ථාන ගතවූ පුරාවස්තු හා ව්‍යාපෘති කරන්න ගත්තු ණය මුදල් සඳහා පරීක්ෂණ කළොත් කොහොම හිටීවිද කියලා තමයි හිතන්න අමාරු...