
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්ය සහ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා හමුවිය.
ඉම්රාන් කවාජා මහතා අද රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව හමු වීමට ද නියමිතය.
ඉම්රාන් කවාජා මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද හමුවීමට නියමිත බවත් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ මස 8 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවාජා මහත්තයෝ .මේ රටම විනාස වෙල තියෙන්නේ දේශපාලනේ නිසා. ඔය ක්‍රිකට් සීන් එකේ ඉන්නෙත් දේශපාලන ව්‍යවසායකයෝ. පවුල් පිටින් ඉන්නේ.
පාපන්දුව කෑවා... දැන් ක්‍රිකට් එකත් කනවා...