IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෘත්තීය පුහුණුවේ වැඩ කෝප් කමිටුව පට්ට ගහයි

වෘත්තීය පුහුණු අධිකාරියේ රේඛීය අමාත්‍යංශය වන අධ්‍යාපන අමාත්‍යංශය එම අධිකාරියේ කටයුතු නිසි ලෙස නිරීක්ෂණය කර නැතැයි  කෝප් කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා චෝදනා කළේය.ඒ පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේය. 

මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා,

'වෘත්තීය පුහුණු අධිකාරිය ඉතාම නරක තැනක තියෙන්නේ. අපි කැඳවීමක් කළා කැප්පෙටිපොළ කියලා හිටපු සභාපතිවරයෙකුට එතුමා අද ඇවිත් නැහැ. අපි නැවත වාරයක් එතුමා කැඳවනවා. එතුමා කිසිම අධ්‍යක්ෂ මණ්ඩල අනුදැනීමක් නැතිව  මෙහි බිඳවැටීමේ අවසාන ඇණයත් ගහලා ගිහින් තිබෙන්නේ.  එසේම අධ්‍යපන අමාත්‍යංශයේ විෂය භාර අතිරේක ලේකම්වරු මෙහි බිඳවැටීමට මුළුමනින්ම වග කියන්න ඕනි.'

' වෘත්තීය පුහුණු අධිකාරියේ කණගාටුදායක තත්ත්වය කොච්චරද කියනවා නම් ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ප්‍රධාන නිල 10 ක් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි සමහරු ගෙදර යවලා සමහරු ස්ථාන මාරු කරලා තියනවා. අපි ඔබතුමාගෙන් අහනවා (අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්)  අධ්‍යක්ෂ ජනරාල්වරිය මාස 4 ක් ගෙදර තියලා රුපියල් 486616.16 ක වැටුපක් ගෙවලා තියනවා. ඒක අපි කාගෙන්ද අය කරගන්නේ. ඊළඟට මේක පරිපාලනය බිඳවැටෙන්න මූලික හේතුව තමයි පරිපාලන අධ්‍යක්ෂ පරිපාලනයේ නෑ. පුහුණු අධ්‍යක්ෂ පුහුණුවේ නෑ. අමාත්‍යංශය මේක දැනගෙන හිටියේ නැද්ද. ඒකයි අපි කියන්නේ වෘත්තීය පුහුණු අධිකාරියේ මේ බිඳ වැටීමටට මේ අමාත්‍යංශයේ අදාල විෂය භාර නිලධාරීන් වග කියන්න ඕනි කියලා.'

'අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ මාසයේ 19 වැනිදා විශ්‍රාම යනවා. මේ කටයුත්ත කරන්න අධ්‍යක්ෂ ජනරාවරයෙක් පත්කර ගන්නේ කොහොමද? අනීතිකව මාරු කළ අය සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක්ද අධ්‍යක්ෂජනරාල්වරිය මෙහෙම අනීතිකව ගෙදර යවලා පඩි ගෙවපු එක සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා තීන්දුව මොකක්ද? ආයතනයේ පරිපාලනය බිඳවැටීම සම්බන්ධයෙන් වගකිව යුතු අය හඳුනාගෙන තිබෙනවාද? අපට නිරීක්ෂණය වෙලා තිබෙනවා අරමුණෙන් බැහැරව කටයුතු කරන අවස්ථා 16 ක්'  යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්යය නිවාඩු යැවීමේ කටයුත්ත හිටපු සභාපතිවරයා විසින් අමාත්‍යංශයට වාර්තා කළේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ගත් තීරණයක් ලෙස බවයි. එහෙත් එවැනි තීරණයක් නොවූ බවට පසුව අනාවරණය වූ බව ද ලේකම්වරයා මෙහිිදී පැවසීය. එසේම අධ්‍යක්ෂවරුන් තිදෙනකු මෙම තීරණයට එකඟ නොවූ බව ලිඛිතව දැන්වූ බවද ලේකම්වරයා පැවසීය.

මෙහිදී අදස් දැක්වූ කෝප් සභාපතිවරයා කියා සිටියේ හිටපු සභාපතිවරයා මූල්‍යමය අලාභයක් කර ඇති බවත් ආයතනයේ පරිපාලනය මුළුමනින්ම බිඳවට්ටා ඇති බවත්ය. මේ අනුව හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති ලේක්ම්වරයායට දන්වා යවන බවත් මේ අවස්ථාවේත් ඔහු කෝප් කමිටුව මඟහැර ඇතත් ඊළඟ වතාවේ ඔහු කමිටුව ඉදිරියට කැඳවන බවත් කෝප් සභාපතිවරයා පැවසීය.

එසේම අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය නිසි පටිපාටියකින් තොරව සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබූ බවද මෙහිදී අනාවරණය විය. එසේම හිටපු සභාපතිවරයා කළ හානිය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමටද මෙහිදී තීරණය විය.

කෝප් කමිටුවේ දී අනාවරණය වූ වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු සභාපතිවරයාගේ අනීතික තීන්දුවකට අනුව අනිවාර්ය නිවාඩු යැවූ අධ්‍යක්ෂ ජනරාල්වරිය  නැවත සේවයේ පිහිටුවීමට වෘත්තීය පුහුණු අධිකාරිය මේවනවිට කටයුතු කර තිබේ. එහෙත් හිටපු සභාපතිවරයා රාජ්‍ය සේවයේ පළපුරුදු නිලධාරිනියක සහ තවත් නිලධාරීන් පිරිසකට කළ හානිය හෝ වෘත්තීය පුහුණු අධිකාරියට කළ පාඩුව පූරණය කර ගැනීම ලෙහෙසි නැත. කෝප් සභාපතිවරයා මෙම සිද්ධියේ දී කියූ ආකාරයටම බොහෝ රාජ්‍ය ආයතන සභාපතිවරුන් තමන්ට අවශ්‍ය ලෙස සියල්ල කළ හැකි යැයි සිතා සිටීම මෙවැනි අර්බුදවල මුලයි. 

 



අදහස් (3)

වෘත්තීය පුහුණුවේ වැඩ කෝප් කමිටුව පට්ට ගහයි

පැරකුම් Wednesday, 10 May 2023 10:24 PM

කෝප් කමිටුව කියන්නෙ ජනතාව අන්දලා පාලකයින්ගේ අඩුපාඩු වසා ගැනීමට යොදාගනු ලබන කූට උපක්‍රමයක් බව ප්‍රසිද්ධ රහසකි. මෙවැනි කමිටු තවත් ඇත. ඒවායින් කිසිදා කිසිවක් නිවැරදි කර නැත. වරද කරුවන්ට දඩුවම් කල බවක් අසා නැත. පැහැදිලිවම කාලය සහ මුදල් නාස්ති කිරීමක් පමණි.

:       0       0

කල්පනා Thursday, 11 May 2023 05:08 AM

වෘත්තීය පුහුණු අධිකාරිය රටට ප්‍රයෝජනවත් වැඩක් කරන්නෙ නැහැ නැහැ කියලා කියන්න පුළුවන් නැත්නම් රැකියා විරහිත තරුණ පිරිස් ඒවාට යොමුකර ගෙන විධිමත් පුහුණු දෙන්න පුළුවන් එනිසා ඉදිරියේ වත් හැකියාව සහිත රටට හිතැති උපදේශක වරුන්ගෙන් අධිකාරියේ තනතුරු සම්පූර්ණ කරන්න කියලා කියන්න වෙනවා

:       0       0

අන්දරේ Thursday, 11 May 2023 06:48 AM

නිලධාරින් ගෙදර යවපු විදිය වැරදි ඇති. ඒත් ඔය නිලධාරින් කරන ඇති වැඩක් නෑ. VTA වගේම TVEC දෙකම සුදු අලි. ඇතුලේ ඉන්න ඔක්කොම දේශපාලන පත්වීම් වලින් ආපු අය. අලුතින් එලියෙ කාටවත් ඔකේ ඇතුලට එන්න බෑ. තනතුරු පුරප්පාඩු උනාම බොරුවට Ad dala, interview කරනවා . එක්කෙනෙක් විතර එළියෙන් ගන්නවා. අනිත් ඔක්කොම ඇතුලෙ අයට ප්‍ර්‍රොමෝශන්. Director slata කඩේ යන ගොට්ට අල්ලන තරමට තමයි ප්‍රොමෝශන් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site