
( සිතුම් චතුරංග)
මසුන් ප්‍රවාහනය කරන ලොරියකින් මස් පිණිස යාපනය සිට ගල්කිස්සට එළුවන් 54 දෙනකු රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (12) අලුයම වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
නීති විරෝධී අයුරින් එළුවන් ප්‍රවාහනය කරන ලොරි රථයක් සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හිංසාකාරි අයුරින් එළුවන් ප්‍රවාහනය කළ ලොරි රථය සමඟ සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.
පොලිසිය පැවසූයේ යාපනය ප්‍රදේශයෙන් සොරාගන්නා බවට සැකකළ හැකි එළුවන් එලෙස බලපත්‍ර නොමැතිව රහසිගතව රැගෙනයාම සිදුකොට ඇති බවයි.
සැකකරු ප්‍රධාන මාර්ගවල පවතින පොලිස් මාර්ග බාධක මඟහරිමින් යාපනය සිට කොළඹට දීර්ඝ කාලයක සිට මස් පිණිස සතුන් ප්‍රවාහනය කොට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් එළුවන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට අධික බවත් අත්අඩංගුවටගත් සැකකරු ප්‍රවාහනය පමණක් සිදුකරන අයකු බවට අනාවරණයවූ බවත් කීය.
අත්අඩංගුවටගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මසට එළුවන් රැගෙන ගිය අයෙක් මාට්ටු
sam Friday, 12 May 2023 01:16 PM
ලොරිය රාජසන්තක කරලා ඔය කාලකණ්ණියා අවුරුදු 10කටවත් හිරේ දාන්න..
prasanna Friday, 12 May 2023 03:49 PM
මම දන්නා විදිහට එළුවන් ඇතිකරන්නේ මසට, නැතිව ලීබඩු හදන්න නෙවෙයි.
සෙනෙවිරත්න Friday, 12 May 2023 07:55 PM
හොර බඩු නොවේ නම් මෙතන වරද කුමක්ද? එලුවො හදන්නෙ මස් කන්න තමයි.
Bamunuarachchi Monday, 15 May 2023 03:41 PM
එළුවෝ හදන්නේ සුරතලේට නොවෙයි මසට. එළුවා හරකා මරාගෙන කන්න පුරුදු කලේ මේ රටට ආපු හම්බයෝ.