IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සිසුවිය පැන්න හෝටලයේ ප්‍රමිතිය දැන් සොයයි

(අංජුල මහික වීරරත්න)

පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් අරඹා තිබෙි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ඊට අදාළ නියෝගය නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානීන්ට අද (11) නිකුත් කළේය. ඒ අනුව විමර්ශනයට සම්බන්ධ වාර්තාව හෙට (12) ඇතුළත තමන්ට ලබාදෙන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ.

අදාළ වාර්තාව ලැබුණු පසුව එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බළාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

යම් හෙයකින් අදාළ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියෙන් හා අනවසරයෙන් ඉදිකර ඇත්නම් ගොඩනැඟිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීය.

 



අදහස් (12)

සිසුවිය පැන්න හෝටලයේ ප්‍රමිතිය දැන් සොයයි

Ruhunu Thursday, 11 May 2023 05:12 PM

තව හොයලා බලන්න ඕක ඇතුලට යන අයගේ ඇඳුම් ගැලවෙනවද කියලා .මේ වගේ කරක්

:       1       1

Lalla Thursday, 11 May 2023 05:19 PM

මොකක් හරි සිදුවීමක් වුනාට පසුව ප්‍රමිතිය හොයන එතෙක් ජරාවට හෝ නිදාගෙන වගකීම පැහැරහැර සිටි අදාල ආයතන ප්‍රධානීන් සේවයෙන් පහකර දැමිය යුතු නොවේද?

:       0       4

Bamunuarachchi Thursday, 11 May 2023 05:22 PM

පාසල් සිසුවියක් කියමින් පට්ට ගහන්න එපා. හරිහමන් පාසල් සිසුවියක් නම් දන්සල් කන්න යනවා කියා හෝටල්වල ගිහිල්ලා මත්පැන් පානය කරන්නේ නැහැ. ඇඟේ දත් පාරවල් තිබෙනවානම් ඉතිරිහරිය අපිට හිතා ගන්න පුළුවන්.

:       1       2

Bamunuarachchi Thursday, 11 May 2023 05:25 PM

දැනුයි ප්‍රමිතිය හොයන්නේ. ඒ තරුණිය බිමට පැන්නේ නැතිනම් ප්‍රමිතිය හොයන්නේ නැහැ. ඔය හෝටලේට දෙස්පාලුවෙකුගේ සම්බන්දයක් තිබුනොත් නිකම්ම ප්‍රමිතිය හොඳවෙයි. අපි නොදන්නා සිරි ලංකාව.

:       0       7

rosa Thursday, 11 May 2023 06:05 PM

අස්සයා පැනලා ගියාට පස්සෙ , ඉස්තාලේ වහන්න හදනවා... මුන්ට පිස්සු....

:       0       5

Chandana Thursday, 11 May 2023 06:37 PM

මරු මිනිහට වාර්තාව භාර දෙන්නේ .ගිය මාසෙත් මම දන්න කෙනෙකුගෙන් අරගෙන ආවා

:       0       4

lankaputha Thursday, 11 May 2023 07:50 PM

දූෂිත ඇමතිවරයෙකුට කළ යුතු දේ... ඔහු දූෂිත නොවූවත්... ඔහුගේ කාර්යභාරය කුමක්ද?

:       0       4

සඳුන් Thursday, 11 May 2023 10:43 PM

අන්තිමේදී බදාම අනපු බාස් හිරේ යන පාටක් පේන්නෙ .....

:       0       5

අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:10 AM

හෝටල් හිමිකරුවාගෙන් කප්පමක් අරගෙන වැඩේ යට ගහයි.

:       0       4

විසිල් Friday, 12 May 2023 07:26 AM

UDA නේද ? ටී. ඕ ලා ඉන්නේ මේකේ නේද ? හ හා. හ හා.

:       0       5

Bunny Preena Friday, 12 May 2023 12:16 PM

ලොකු නින්දකට පස්සේ ඇහැරිලා වගෙයි

:       0       2

Vira Friday, 12 May 2023 12:29 PM

ප්‍රමිතියට හැදුවා නම් කෙල්ල මැරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 281 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 808 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1223 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site