
(සුරංග රාජනායක)
සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100 ගිය තරුණියක දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි ගම්පොල පොලිසය පවසයි.
ගම්වැසියන් හා ගම්පොල පොලිසිය ඇය සොයා ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය මහවැලි ගඟ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා තිබේ.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නමැති තරුණියයි.
ඇය ගෙලිඔය නගරයේ ඖෂධ හලක සේවය කරන බව ඇගේ සොහොයුරා වන මොහොමඩ් ඉම්රාන් පවසයි.
නිවසේ සිට යන අයුරු ඇල්පිටිය පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල ඇගේ රුව අවසන් වරට සටහන් ඇති අතර ඉන් එහා තිබෙන එවැනි කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව මෙම සොහොයුරා පවසයි.
ෆාතිමාගේ මව වන සිත්ති සාහිරා පවසන්නේ ඇය සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ බවයි. බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ඇය ගිය බවත් ඈ තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බවත් මේ මව පවසයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පොළ තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන්
Bunny Preena Thursday, 11 May 2023 01:23 PM
සල්ලාලයො ටිකක් එයව පැහැරගෙන ගියාවත්ද ?
CK.Lankaputhra Thursday, 11 May 2023 02:31 PM
ස්ත්‍රීන්ට මහා අපල කාලයක්. රටේ පිරිහීම මීට වගකිව යුතුයි.
prasanna Thursday, 11 May 2023 02:49 PM
මෙහෙම ගියොත් ලංකාවෙ ගැහැනුන් වඳවෙලා යවෙ. ඩයිනසෝල වගෙ...
විදේශිකයා Friday, 12 May 2023 04:36 PM
මේ හැමදේකටම වග කියන්න ඕනෑ රට පාලනය කරන අය. නීතිය බල්ලට ගිහින්... නීතියක් කියලා දෙයක් නෑ.. නීතියට බය නෑ කවුරුවත්ම... එක කොන්ද පණ තියෙන එක පාලකයෙක් ඇවිත් මරණ දඬුවම නියම කරා නම් හරි.. ඒත් ඉතින් ඔවුන් කරලා තියෙන වැඩ නිසා... ඉස්සර වෙලා ඔවුන්ව එල්ලා දමයි කියලා බයයි. අනේ මොනවා වුණත් ගැහැණු උදවියගේ ආරක්ෂාව නම් බිංදුවයි.