ආචාරය නොලැබුණැයි එස්.එස්.පී.ට යකු නැගලා පානදුර නගර මධ්‍යයේ දී කාන්තා පොලිස් නිළධාරීනියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයකු අසභ්‍ය ලෙස බැන වැදී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. 10 March 2023
ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩුවෙයි ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩු වී ඇති බවත් පෙට්‍රල් අඩවිය සියයට 30 කින් සිදුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 10 March 2023
අනියම් බිරියගෙන් සල්ලි ගෙන්වා ගන්න සිඟිත්තියට පහරදීලා විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියකු පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි, 10 March 2023
ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 10 March 2023
කුඩම්මාගේ පහරදීමෙන් 17 දැරිය රෝහලේ රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියකට ඉතා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට ලක් කළේ යැයි කියන එම දැරියගේ 39 හැවිරිදි කුඩම්මා රාගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 10 March 2023
රන්ටැඹේ පුහුණුට ආ සිසුවියකට අතවරයක් හසලක ශිෂ්‍ය භට පුහුණු කඳවුරකට ගිය මහනුවර ප්‍රදේශයේ බාලිකා පාසල සිසුවියකට එම කඳවුරේ නාවාතැනගෛන සිටියදි රාත්‍රී කාලයේ පැමිණි නාඳුනන අයකු අතවරයක් කර පළාගොස් ඇතැයි හසලක පොලිසිය කියයි. 10 March 2023
රට විරුවන්ගේ වාහන නිදහස් කිරීම අරඹයි විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම රේගු දෙපාර්තමේන්තුව ආරම්භ කළේය. 10 March 2023
මම ම ඉන්නම් කිව්වොත් මොකද කියන්නේ ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 March 2023
ඩොලරය යළි පුප්පයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (10) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල හා විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. 10 March 2023
වී මිල තීරණය කරන කමිටුවට ගොවීන් තිදෙනෙකුත් වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනකු ද ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 10 March 2023
ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන් ශ්රීස ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් පවත්වන ලෙස පොදු ව්යායපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම සංස්ථාවේ ප්රලධානීන්ට උපදෙස් දුන්නේය. 10 March 2023
‘‘වගා කරන්න ගත් ඉඩම් වගා කර නෑ‘‘ වගා නොකළ ඉඩම් අක්කර 3000ක් අහෝසි කළ බව ඉඩම් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 )පැවසීය. 10 March 2023
ආදායම අඩු දිස්ත්‍රික්ක 8කට යූරියා නොමිලේ මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. 10 March 2023
සොරාගත් යතුරුපැදි සමඟ ආර්.පී. නිලධාරියා දැලේ යුද හමුදා රෙජිමේන්තුවක පොලිස් නිලධාරියකු සහ තවත් පුද්ගලයකු සොරා ගත් යතුරැ පැදි දෙකක් සමග අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 10 March 2023
උසස් පෙළ ප්‍රතිඵල කල් යයි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම සති දෙකක් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 March 2023
අධිකරණයට බලපෑම් කළොත් මීටත් දැඩි වෙිවි අධිකරණයට බලපෑම් කලොත් අධිකරණය මීට වඩා දැඩිව ක්‍රියාත්මක වෙිවි යැයි පක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 March 2023
හිඟවී තිබූ ඖෂධ අසූ එකක් ලබා ගනියි හිඟ ඖෂධ 151කින් 81ක් ඊයේ වන විට ලබාගන්නට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 March 2023
යල කන්නයේ වතුර දෙන දින දෙයි 2023 යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා මාර්තු 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීමට හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය. 10 March 2023
සජිත් හිඟ ඖෂධ ලැයිස්තුවක් ඉල්ලයි රෝහල් වල හිඟ ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබේ නම් එය ලබා දෙන්නැයි ද හැකි අයුරින් උදව් කරන්නට සූදානම් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 March 2023
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 10 March 2023
හොර නෝට්ටු සමග අයෙක් සැකපිට මුලතිව් පුදුකුඩු ඉරිප්පු දේවපුර ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 700 ක පමණ තොගයක් සමග සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 10 March 2023
පොලිසියෙන් බේරෙන්න 10,000 දෙන්න ගිහින් සතුන්ට හිංසා වන පරිදි එළුවන් 60 දෙනකු ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ රුපියල් 10,000ක අල්ලසක් දීමට උත්සහ කර ඇතත් වැටලිම කළ උප පොලිස් පරීක්ෂකවරයා එය ප්‍රතික්ෂේප කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 10 March 2023
තූර්යවාදක පුහුණුවකට පැමිණි සිසුවිකගේ ඇග අතගාලා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන සතියක තූර්යවාදක පුහුණුවක් සඳහා පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අළුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයෙකු එම සිසුවියගේ සිරුර අතගානා අවස්ථාවේ සිසුවිය අවදිවී කෑගැසීම නිසා එම පුද්ගලයා පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි. 09 March 2023
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් පොලිස් නිලධාරීන්ට උසස්වීම්දීම අනුමත කරන්න බෑ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ට උසස්වීම් හා අමතර වගකීම් ලබාදීම අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය. 09 March 2023
කොළඹ සරසවියේ නානකාමරයකදී රෝගී වී මියගිය ආරක්ෂක නිලධාරීගේ දේහය බිරියට බාරදෙන්න කොළඹ විශ්ව විද්‍යාලයේ ලේඛණාගාරයක නානකාමරයක් තුළ ඇඳ වැටීමෙන් පසු රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මරණයට පත් වූ ආරක්ෂක නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අවසන් කිරීමෙන් පසුව එම දේහය ඔහුගේ බිරිඳට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) කුරුදුවත්ත පොලිසියට නියෝග කළේය. 09 March 2023
කරදියාන කුණු කන්ද ළගට එක්ක ගිහින් සුද්දයක් දීලා විදේශගතව මෑතකදී පැමිණි පුද්ගලයෙකු උපක්රමශීලීව කරදියාන කුනු කන්ද අසලට රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් ඇතුළු දේපළ කොල්ල කෑ කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි 09 March 2023
රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කළේය. 09 March 2023
කෙහෙළියට එරෙහි නඩුව 24 දා කැඳවයි තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහි නඩුවේ වැඩිදුර ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” අප්‍රේල් මස 24 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ 09 March 2023
සරසවි සිසුනට ගැසුවාට පොලිස් ඇමැති මානව හිමිකම් කොමිසමට කැඳවයි කොළඹ සරසවිය අසල දී ඉකුත් හත් වෙනිදා සහ අට වෙනිදා පැවැති උද්ඝෝෂණ සහ කැලණිය සරසවිය අවට සිසුන් පැවැත් වු උදඝෝෂණ පාලනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු දැක්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලබන 13 දින මානව හිමිකම් කොමසම හමුවට කැඳවු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසයි. 09 March 2023
ජපාන් ව්‍යාපෘති යළි ගන්න හැකි වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබීම මෙරට අත්හිටුවා ඇති ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපාන රජය කැමති කරවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 09 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026