පොලිසිය විරෝධතාව නතර කළැයි පොලිසියට පැමිණිල්ලක් නීතිඥායන් සහ වෘත්තිකයන් ගාලුමුවදොරදී ඊයේ (10) පැවැත්වූ සාමකාමී විරෝධය සහ පාගමන පොලිසිය නීතිවිරෝධීව නතර කිරීමට සම්බන්ධයෙන් නීතිඥායන් ඇතුළු පිරිසක් කොටුව පොලිසියට අද (11) පෙරවරුවේ පැමිණිල්ලක් කර තිබේ. 11 October 2022
රුහුණු සරසවි වෛද්‍ය පීඨ සිසුන් 263කගේ පන්ති තහනම් රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් එහි වෛද්‍ය පීඨයේ සිසුන් 263 දෙනකුට කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය. 11 October 2022
යහළුවාගේ විහිළුවෙන් පේමන්ට් එකේ සිටි තුනක් යටවෙයි පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළඳ සැලක් ඉදිරිපිට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බව පිටකොටුව පොලීසිය කියයි 11 October 2022
ජනතාවට උත්තර දෙන්න රාජ්‍ය ආයතනවලට රෙගුලාසි මාලාවක් ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. 11 October 2022
ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 11 October 2022
රියදුරු බලපත්‍රය වෙනස් වෙයි දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 11 October 2022
’’කතානායක පුටුව අපටත් ඕනෑ’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර ඇත. 11 October 2022
උප තැපැල් ලොක්කියන්ට වාසියක් උප තැපැල් ස්ථානාධිපතිවරියක ප්‍රසූත නිවාඩු ලබාගැනීමේදී තම වියදමින් ආදේශකයකු සේවයේ යෙදවිය යුතු අතර, ඒ සඳහා ඔවුන්ට දින 30ක් සඳහා ගෙවන ආදේශක දීමනාව දින 84ක දීමනාවක් දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 October 2022
උණු කල්දේරමකට වැටී සිරකරුවෙක් මියයාම ගැන මානව හිමිකම් විමර්ශනයක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙක් පිසින ලද ව්‍යාංජනය සහිත උණු කල්දේරමකට වැටී පිළිස්සුම් තුවාල ලබා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව මානවහිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි. 11 October 2022
තවත් රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධ කරන්න යයි ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ එක් ආයතනයක් ලෙස ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 October 2022
ලාබෙට මිරිස් දෙන්න මුල පුරයි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ ඉදිරි කාලයේ අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 11 October 2022
අතුරුදන්වූවන්ගේ පවුල්වලට දෙන දීමනාව ඉහළට අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය සඳහා ගෙවනු ලබන මුදල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 11 October 2022
ඕස්ට්‍රේලියානුවෝ දෙකක් ව්‍යාපෘතිය ගන්න පගා දීලා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය. 11 October 2022
ත්‍රීවීල් සොරකමට වැට බදී බස්නාහිර පලාත තුල සිදුවන ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් අවම කිරීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාතේ පොලිස් වසම් 126 ක පිහිටා ඇති ත්‍රීරෝද රථ හා යතුරු පැදි අලුත්වැඩියා කරනු ලබන ගරාජ් සහ අනෙකුත් ස්ථාන 2863 ක් හඳුනාගෙන ලේඛනගත කිරීම ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. 11 October 2022
22 ගැන පොහොට්ටු මහ ලේකම්ගේ මතය විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමා දන්නා තරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය නොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 11 October 2022
රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රී (10) නිකුත් කර තිබේ. 11 October 2022
පළාත් රැසකට සවස් කාලයේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2022
සුපිරි වාහන සමග තරුණයෙක් මාට්ටු විරෝධී ක්‍රම මගින් අයථා ලෙස මුදල් රැස්කර රුපියල් ලක්ෂ 250 ක් වටිනා ජිප්රථයක් සහ ලක්ෂ 65ක් වටිනා මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තරුණයකු ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 October 2022
බණ්ඩාරනායක ගුණ සමරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩ්බ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වැනි සහ එම පක්ෂයේ හිටපු සභාපතිනි, දිවගත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පිංකමක් එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) රාත්‍රියේ පැවැත්විණි. 11 October 2022
මිරිහානේ වෙළෙඳ හලක ගින්නකින් අයෙක් මරුට මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ හලක් තුළ අද අළුයම ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි 11 October 2022
මල් වට්ටියට ලක්ෂ හතර හමාරක ලංසුවක් මාතලේ ලෙනදොර කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති බඳුන් වෙන්දේසියකදී මල් වටිටියක් රුපියල් 4,50,000කට අලෙවි වූ බව සංවිධායකයෝ පවසති. 10 October 2022
සිසුවියක් පාසලේ දී ඇද වැටී මිය යයි පුත්තලම මනල්ගුන්ඩුව මුස්ලිම් විදුහලෙ 7 ශ්‍රේණීයේ සිසුවියක් පාසල අවසන් වී දිවයමින් සිටියදි 10 දින එකවර පාසල් භුමියෙ ඇද වැටි මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 10 October 2022
ගොඩ කළ වගුර යළි වගුරක් කරනු රාගම මත්තුමගල ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ කළ ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිලි වහාම කඩා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය දුන් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා එම ඉඩම කලින් තිබූ තත්ත්වයට පත්කරන්නැයි නියම කළේය. 10 October 2022
නායකයකුගේ භූමිකාව නාලන්දා දරුවන්ට කියා දෙයි නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහනක්, කොළඹ නාලන්දා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. ඒ, පාසල් ශිෂ්‍ය නායක ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්රහයෙනි. 10 October 2022
යුද හමුදාවේ 73 වන සංවත්සරය සමරයි ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන සංවත්සර දින පෙළපාලිය යුද හමුදා පති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පාබල රෙජිමේන්තුවේ දී අද (10) පැවැත්විය 10 October 2022
සංචාරකයන්ට තෙල් කාඩ් එකක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට බාධාවකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් හඳහන්වා දී ඇත. 10 October 2022
ලංකාව ජපානය සමඟ ගිවිසුමක් අත්සන් කරයි කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 10 October 2022
ජීවන වියදම ඉහළයි රජයේ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති ජීවන වියදමට විසැදුම් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සාමාජිකයෝ පිරිසක් මුදල් අමාත්‍යාංශ ලේකම්ට අද ලිපියක් බාර දුන්හ. 10 October 2022
‘කොළඹ මුද්දර දැක්ම 2022’ තැපැල් මූලස්ථානයේදී මුද්දර කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, පිහිටි තැපැල් මූලස්ථානයේදී පැවැත්විණි. 10 October 2022
අත්අඩංගුවට ගත් අරගලකරුවන් පස් දෙනාට ඇප අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) නියෝග කළේය. 10 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026