
(සුජිත් හේවාජුලිගේ )
මෙරට ජනගහනයෙන් සියයට හතළිහකට වැඩි පිරිසක් ආහාර සඳහා යන අධික වියදම හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට වෙන් කරන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාව පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මෙය සමාජ ආර්ථික වශයෙන් ඉතා නරක ප්‍රතිඵල අත්විය හැකි කාරණයක් බවද ඔහු පෙන්වා දෙයි.
මේ අතර මෙරට වයස පහට අඩු දරුවන්ගෙන් සියයට හතළිස් තුනකට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවේ සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම අම්පාර අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල ඒ තත්වය ඉතාම උග්‍ර බව එහි සඳහන් වන්නේ යැයිද ප්‍රකාශ කළේය.
අම්පාර ප්‍රදේශයේ එම අගය සියයට 59ක් බවද ඔහු කීවේය.
මේ අතර ජනගහනයෙන් සියයට 68ක් ආහාර අනාරක්ෂිත තත්වයට( ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරිම, ගන්නා ආහාර වේල් ගණන අඩු කිරිම, අඩු රුචිකත්වය සහිත ආහාර ගැනීමට පෙළඹීම,සහ විකල්ප ආහාර ලබා ගැනීම) සඳහා පෙළඹී සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ යැයි වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේය.
තවද වයස පහට පහළ අඩු බර දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15.3 ක් දක්වාද වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 9.2 ක් දක්වාද ඉහළ ගොස් ඇති බව මහාචාර්යවරයා කීවේය.
එසේම උසට සරිලන බර නොමැති දරුවන් ප්‍රතිශතය සියයට 10.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා එය 2021 වර්ෂ පැවැතියේ සියයට 8.2 ක් හැටියට බවද සඳහන් කළේය.
භාණ්ඩ මිල ඉහළ යෑම, බලශක්ති අර්බුදය,ආහාර ද්‍රව්‍යවලට ඇතිවූ තරඟය, ජීවනෝපාය අහිමිවීම සහ වැයකළ හැකි ආදායම සංකෝචනයවීම යනාදී කරුණු හේතුවෙන් මෙම ගැටළු මතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ යැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Knowing these factors, your colleague's are demanding for tax relief.
මෙයාගේ සංඛ්‍යා ලේඛන ගැන විශ්වාස කරන්න බැහැ. මාසෙකට විතර කලින් සංඛ්‍යා ලේඛනයක් ගෙනාවා ආරක්ෂක හමුදාවන්ට රාජ්‍ය සේවක වැටුපෙන් 49%ක් වැයවෙනවා කියලා, හැබැයි ඒක හදලා තියෙන්නේ පලාත් රාජ්‍ය සේවය අමතක කරලා, ඒකත් එක්ක ඔය අගය 33%කට අඩුයි. දේශපාලන ගැතිකම නිසා උගත්කම පාවා දෙන්නෙක්
එහෙව් රටේ අපි වෙසක් දිනය නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ත්‍රී වීල් වල ස්ටිකර් අලවමු.
මේ කියන ප්‍රදේශවල ජනතාව වැඩි හරියක් ගොවිතැනින් යැපෙන අය. ඔවුන් බඩගින්නේ ඉන්නවා නම් එක්කෝ ලෙඩින්, නැත්නම් අතට පයට කම්මැලිකමට. කිසිම උගතෙක් විශ්වාස කරන්න බෑ. මොවුන් මෙවැනි සංඛ්‍යා ලේඛන හදන්නේ සත්‍ය ලෙසද නැත්නම් කිසිවෙකුගේ වුවමනාවකට දැයි කියන්න බෑ...
ඔය විශ්ව විද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් රටේ මේ තත්ත්වයට සෑහෙන දුරට වගකියන්න ඕනෑ කියලා මහාචාර්ය කට්ටිය දන්නවා නේද? උපාධිධාරීන් එළියට ආපු ගමන්ම ආණ්ඩුවේ රස්සාවලට දඟලන එක නවතා ව්‍යවසාය සංවර්ධන කටයුතුවලට යොමු නොකිරීම උගන්වන අයගේ වරදක් නොවේද?