ජාතික රෝහල පාළුවට යයි සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අර්බුදයන්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණදී සිටින පීඩාකාරී තත්වයන්ට කඩිනම් විසදුම් දෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අද (8) පෙරවරුවේ ආරම්භ කළ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහල පාළුවට ගොස් තිබුණි. 08 March 2023
කලාකරු නිවාස වල වැඩ ටික දිනකින් ඇරැඹෙයි අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය ඇතුළත සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 08 March 2023
විපක්ෂය සහාය දුන්නොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන් අලුත් විදුලිය ජනන සැලසුමට විපක්ෂය ඇතුළු සියලු දෙනා සහය දුනහොත් ලබන ජූලි මාසයේදී විදුලිය ගාස්තු අඩු කිරිමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 March 2023
බදු සහන නොදුන්නොත් රට වැටේවි ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් බදු සහන ලබා නොදුනහොත් ලබන අප්‍රේල් මාසය වන විට සමස්ත ව්‍යාපාර ක්ෂේත්රයම කඩාවැටෙන බවත් එසේ වුවහොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීම වැළැක්විය නොහැකි බවත් ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය අද (8) පැවසුවාය. 08 March 2023
‘රුපියල ශක්තිමත්නම් සීමා ඉවත් කරන්න‘ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා (8) පැවසීය. 08 March 2023
ගොලු දැරියගේ ඝාතනයට මවත් අත්අඩංගුවට පානදුර හිරණ පින් කෑල්ල හත් හැවිරිදි ගොළු දැරියගේ ඝාතනය සම්බන්ධයෙන්දැ රියගේ මවද අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි. 08 March 2023
වෙළෙඳ ඇමතිගෙන් ’’බිත්තර’’ප්‍රකාශයක් අද වනතුරු එක්ක බිත්තරයක් වත් රටට ගෙනත් නැතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2023
හරක්කටා ඇල්ලූ බව නිලවශයෙන් කියයි මැඩගස්රකයේ ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් හරක්කටා ඇතුළු ශ්‍රී ලංකිකයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ නිලවශයෙන් අද දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියයි 08 March 2023
කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම පටන් ගමු දේශපාලනය ගැන අප්‍රසන්න තාවයක් ඇතිවී ඇති මොහොතක සෑම තැනකම කාන්තා නියෝජනය වැඩි කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 March 2023
කාන්තා අමාත්‍යාංශය ජනපතිට පවරා ගත් හේතුව කියයි ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගත්තේ ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගත්තේ ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේ 08 March 2023
“ඇය දැයේ අභිමානයයි” ජාත්‍යන්තර කාන්තා දිනය අද (8) ට යෙදී ඇති අතර, මෙවර එහි සැමරුම් තේමාව වන්නේ “ඇය දැයේ අභිමානයයි” යන්නයි. 08 March 2023
පරිප්පුවාට තැබූ වෙඩිල්ල යාළුවාට වදී අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන අසංක නොහොත් පරිප්පුවා ඉලක්ක කර වැල්ලම්පිටිය කොටුවීල දී සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ සමීපතමයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි 08 March 2023
ඉන්දියාවෙන් දුන්න ණයෙන් වැඩගෙන ඇත්තේ ටිකයි ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකම තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 08 March 2023
හිරෙන් පැන්න රැඳවියා වෙඩි කා නසී කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව කියන රැඳවියකුට බන්ධනාගාර නිලධාරියකු අද දින අලුයම 02:45 ට පමණ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම රැඳවියා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 08 March 2023
පොලිසියේ දෙදෙනකුට පොලු පහර පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ හිසට පොල්ලකින් සහ ගලකින් පහරදී තුවාල සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ 08 March 2023
පුංචි ඡන්දය ඉල්ලා ඉතාලියෙත් විරෝධතා ජාතික ජන බලවේගයේ විසින් සංවිධානය කළ ’’මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය වළ දමන කුමන්ත්‍රණය පරදවමු’’ යන තේමාව යටතේ රජයට එරෙහිව විරෝධතා පෙළපාලියක් හා ජනරැලියක් මිලානෝ නගරයේ දි පැවැත්විණි. 07 March 2023
රට ඉඳි බද්ධ රුපියලට බස්සයි රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ. 07 March 2023
අයි.එම්.එෆ් අවසන් සාකච්ඡා 20 වැනි දා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා ඇති කරගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා විධායක කමිටුව රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත. 07 March 2023
චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය. 07 March 2023
විරෝධතාවයේදී තුවාල ලැබූ 3 ක් රෝහලේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. 07 March 2023
උද්ඝෝෂකයන් ලෙස පෙනී සිට ආර්ථිකය කඩා වැට්ටවීමේ තැතක් උද්ඝෝෂණකරුවන් ලෙස පෙනී සිටින ඇතැම් කණ්ඩායම් රටේ වැදගත් ආර්ථික මර්මස්ථානවලට අයුතු ලෙස ඇතුල් වී ඒවාට පහර දී ආර්ථිකය කඩා වැට්ටවීමේ සූදානමක් පවතින බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි කොටුව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (07) දැනුම් දුන්නේය. 07 March 2023
වීරකැටියේ සිද්ධිය: මව-පියා ඇතුළු එකම පවුලේ පහක් රිමාන්ඩ් වීරකැටිය අත්තනයාල ප්‍රෙද්ශයේ පවුලක සමාජිකයින් පිරිසක් හා වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් අතර ඇති වූ ගැටුම අතර තුරදී පොලීසිය විසින් අත් අඩංගුවට ගත් එකම පවුලේ සාමාජිකයින් 06 අතරින් පස් දෙනෙකු අද (07) දින වලස්මුල්ල මහේස්ත්රාලත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්රා ත් මහේෂිකා විජේතුංග මහත්මිය නියෝග කළාය. 07 March 2023
මවගේ අනියම් සැමියා පහරදී ගොළු දැරිය මරාදාලා යාචක වෘත්තියේ යෙදෙමින් ජීවත් කරවූ ගොළු දැරියක ඉතා අමානුෂික ලෙස පහරදී මවගේ අනියම් සැමියා විසින් ඝාතනය කර ඇතැයි හිරණ පොලිසිය කියයි. 07 March 2023
රැසියාවෙන් නිවාඩුවට ඇවිත් මොරගල්ලේ දී අවසන් ගමනේ රුසියාවේ සිට මෙරට අලුත්ගම මොරගල්ල තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක විවේක ගත කරන්න පැමිණ සිටි තරුණ සංචාරකයකු අද එම සංචාරක හෝටලය ආසන්නයේ මුහුදේ දිය නාන්න ගොස් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේන බව අලූත්ගම පොලිසිය කියයි 07 March 2023
මහ බැංකුවට හයිය දෙන්න යයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම වැළැක්වීම සහ පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වයක් ලබා දීම සදහාවූ ‘ශ්‍රී ලංකා මහබැංකුව’ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරනු ලැබීය. 07 March 2023
අන්තරේ විරෝධයට ජල සහ කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය සංවිධානය කළ විරෝධතාවට කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. 07 March 2023
මුදල් දෙනවාද? නැද්ද? අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව මැතිවරණයට මුදල් ලබාදෙන්නේ ද යන්න ගැන ජනාධිපතිවරයා රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරය පවසයි. 07 March 2023
පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 07 March 2023
කුඹුරු ඉඩම් ගොඩ කිරීම තහනම් කරයි කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 07 March 2023
රට අක්‍රීය කිරීමෙන් ප්‍රශ්න වලට විසැඳුම් හොයන්න බෑ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026