හරක් කටා අත්අඩංගුවට ? පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සහ තවත් පාතාල නායකයකු බව කියන සලිදු මල්ශිත ඇතුළු පාතාල ක්රියාකාරකයන් පස්දෙනකු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව එරට වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. 06 March 2023
මවක් දරු දෙදෙනා සමඟ ප්‍රා.ලේ කාර්යාලයට දරු දෙදෙනා හදා ගැනීමට ක්‍රමයක් නැතැයි කියමින් 31 හැවිරිදි දෙදරු මවක සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ හඬා වැටුණු සිද්ධියක් වාර්තා වේ. 06 March 2023
වීරකැටියේ ලොකු ගැටුමක් වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 06 March 2023
නිදහස් පක්ෂයට වැඩබලන මහලේකම්වරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස එහි නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා පත්කරනු ලැබ ඇත. 06 March 2023
හික්කඩුවට පෙම් බඳින ලොව සුපිරි නළුවා තමාගේ රංගන ජිවිතයේ ප්‍රියතම චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් ප්‍රකාශ කර ඇත. 06 March 2023
ජනතාව නුදුරේදීම රනිල්ගේ කට වහයි පාර්ලිමේන්තුවේදී පසුගියදා ‘කටවහගෙන වාඩි වෙන්න’ ( you shut up sit down) යනුවෙන් විපක්ෂයට අණදුන් ජනාධිපතිවරයාට, නුදුරේදීම මහජන නියෝගයෙන් කටවසාගෙන වාඩිවීමට සිදුවනු ඇතැයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 06 March 2023
රූගත කරද්දී බච්චන් ඇඳ වැටේ සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 06 March 2023
හැත්තෑහය කතගේ මාලය කොල්ල කාලා යාපනය මාදගල් ශිවන් කෝවිලේ වන්දනාමාන කරමින් සිටි 76 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැද සිටි තැල්ල සහිත රුපියල් ලක්ෂ 10ට ආසන්න වටිනා රන් මාලය කොල්ලා කෑ කාන්තාවක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මාදගල් පොලිසිය කියයි. 06 March 2023
‘‘ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තැනක තියෙනවා‘‘ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළම සහ ගැඹුරු තත්වයක පවතින බවත් එම සම්බන්ධතාව මුල් බැසගැනීමට හේතුව පුද්ගලයන්ට ආරෝපණය කිරීම බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා පැවසීය. 06 March 2023
පාන් ගෙඩියක් 100 දක්වා අඩු විය යුතුයි පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා මිස තවත් වැඩි කිරීමට සූදානමක් නැතැයි ද අඩුම තරමින් පාන් ගෙඩියක් රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි. 06 March 2023
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව සියයට 8ට වැටෙනවා පළාත් පාලන මැතිවරණය පිළිබඳව කර ඇති තාක්ෂණික පර්යේෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවට සියයට 10 ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම සියයට 8 ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (6) පැවසීය. 06 March 2023
බස් රථවලින් සියයට 50 ක් වායු දූෂණය කරයි බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් සියයට 50 කින් වායු දූෂණය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසයි. 06 March 2023
එක්ස්ෆෝ ප්‍රදර්ශනයෙන් කෝටියක් වතුරේ ගිහින් චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 06 March 2023
ඉන්දියාන් සාගරය සෙලවෙයි ඉන්දියානු සාගරයේ නිකොබාර් දූපත් ආශ්රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5 ක අගයක් ගත් භූකම්පනයක් අද(06) උදෑසන 5.07 හටගෙන තිබේ. 06 March 2023
කොමිෂන් ගැන තීරණයක් ගන්න ව්‍යවස්ථා සභාව රැස්වෙයි මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා නැවතත් රැස්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 06 March 2023
එළවළුත් නෑ: කෝච්චියත් නෑ උඩරට ප්‍රදේශයේ එළවළු කොළඹ සහ අවට ප්‍රදේශවලට පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් දුම්රිය දෙපාර්තමේන්තු නානුඔයින් ආරම්භ කළ විශේෂ දුම්රිය පරීක්ෂණ දුම්රියකට පමණක් සීමාවූ බව දුම්රිය වෘත්තිය සමිතිය පවසයි. 06 March 2023
පළාත් කීපයකට විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (6) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 March 2023
බූරු මුනාට රැකවරණ දුන් යුවළ මාට්ටු කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නවයකට අවශ්‍යව සිටි ’’බුරු මුනා’’ නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන අඹු සැමි යුවළක් නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බව නුවරඑළිය පොලිසිය කියයි. 06 March 2023
රියදුරන් නැතිව තවත් දුම්රිය රැසක් කොට උඩ දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා දුම්රිය ඇතුළු දුම්රිය රැසක් ධාවනය කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් වයස 60 ට වැඩි විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇතත් මේ දක්වා සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 March 2023
ජනපතිට අධිකරණයෙන් උත්තර දුන්නා මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 06 March 2023
බිරිය ඝාතනයට පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවට ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී අද අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි. 06 March 2023
කැරලි මර්දනයේ පී.සී සූදු ගහලා මාට්ටු කන්තලේ වෙන්ඩ්‍රාසන් පුර යුනිට් 14 ප්‍රදේශයේ ඇති කැලෑවක මුදල් ඔට්ටුවට සූදුක්‍රීඩාවේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි 06 March 2023
ඉතාලි වෛද්‍යවරියගේ දුරකතනය පැහැරගත් ත්‍රීවිල් මල්ලී මාට්ටු ඉතාලි ජාතික තරුණ වෛද්‍යවරියකගේ රුපියල් එක් ලක්ෂ හැට දහසක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය හොරාගෙන ගෙන පලාගොස් සිටි බව කියන ත්‍රීරෝද රථ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. 05 March 2023
නඩු බඩු ගබඩාවේ යතුරු පැදියක් සොරාගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ යතුරු පැදියක් සොරාගෙන ගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කරයි. 05 March 2023
මාල කඩා පනින්න බැරි වේ කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකුගේ ගෙල බැඳි රන් මාල දෙකක්, කොල්ල කෑ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ් පොලිසිය පවසයි, 05 March 2023
කඩවත ව්‍යාපාරිකයාගේ ඝාතකයෝ මාට්ටු පානදුර, පින්වත්ත ටිඩීමන් සිල්වා මාවතේ දී සුඛෝපභෝගී ජීප් රථයක් තුල කෝටිපති ව්‍යාපාරිකයකයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග අද (05) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 05 March 2023
මහනුවර - මහියංගනය මාර්ගයේ එක තීරුවක් විවෘත කරයි ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඊයේ (4) සම්පූර්ණයෙන් වසා දැමූ මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගයේ එක තීරුවක් ගමනාගමනය සඳහා යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 05 March 2023
ලොව හොඳම නිරුපිනියන් අතර සඳනිට තෙවන තැන ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත. 05 March 2023
රියැදුරෙක් නැතිව උදයදේවී’ නතර වේ කොළඹ කොටුව - මඩකළපුව ‘උදයදේවී’ දුම්රිය දින නියමක් නොමැතිව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදඟන් කරයි. 05 March 2023
බෙහෙත් ගන්න සල්ලි නැතිව මව දරු දෙදෙනා සමග ළිඳට පනී කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05) නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිසිය කියයි. 05 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026