චීන ආර්ථිකය සැලසුම් කරන ලොකුම සැසිය ඇරැඹෙයි චීන ජාතික මහජන කොංග්‍රසයේ 14 වන සැසිවාරයේ පළමු සාකච්ඡා වටය අද (5) ඇරැඹිණි. 05 March 2023
දොස්තර පැදවු රිය නුවර වැවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මහනුවර වැවට පෙරළීම හේතුවෙන් එම විශේෂඥ වෛද්‍යවරයා සුළු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ . 05 March 2023
රාජ්‍ය ආයතන 32ක් දුෂිතයි රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 05 March 2023
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මෙි වන විට ධනාත්මක සහ සුබවාදී පසුබිමක් අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි. 05 March 2023
ලබුකැලේ අනතුරින් 14ක් රෝහලට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (05) දින ඇතුළත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය. 05 March 2023
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩපිළිවෙලක් රාමලාන් (රාමසාන්) සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය. 05 March 2023
දුම්රිය ස්ථානාධිපති ගැටුමෙන් අයෙක් රෝහලට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ ඊයේ (4) රාත්‍රී සේවයේ නිරතව සිටි මෙහෙයුම් ස්ථානාධිපතිවරු දෙදෙනා අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් ස්ථානාධිපතිවරයෙක් රෝහල්ගත කර ඇති බවත් අනෙක් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරි බවත් ත්‍රිකුණාමලය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (5) පැවසීය. 05 March 2023
දේශීය ටින් මාළුවලට එස්.එල්.එස්. සහතිකය ඕනෑ දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය හෙවත් එස්.එල්.එස්. සහතිකය අනිවාර්ය බවත් දේශීය ටින් මාළු නිෂ්පාදනය කිරිමට අවසර ඇත්තේ සමාගම් 14 කට අයත් වෙළදනාම 37 කට පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය. 05 March 2023
ලංකාව තවත් පසුබසී බෑන්ඩ් ෆයිනෑන්ස්( Brand finance) ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථික අර්බුදයට ලක්වූ රටවල් අතර 115 දක්වා තවත් පහළට ගොස් ඇත. 05 March 2023
ඔඩෙසි දුම්රිය ගැන සී.අයි.ඩී. පරීක්ෂණ ඇල්ල ඔඩෙසි දුම්රියේ ප්‍රවේශපත් පෞද්ගලික ආයතනයක් අන්තර්ජාලය හරහා අළෙවි කරන බවට එල්ල වන චෝදනාව සහ ‘සීතාවක ඔඩිසි’ දුම්රිය නියමිත වේලාවට පිටත් නොවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව වාහාම පරීක්ෂණයක් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. 05 March 2023
ගමක් හෙල්ලූ කිඹුලා දැලේ පිළියන්දල දැල්තර ප්‍රදේශයේ ගවයින් සහ සුනඛයින් රැසක් ආහාරයට ගත් දැල්තර ඇලේ මිනීමරු කිඹුලා කොටු කර ගැනීමට වනජීවී නිලධාරීන් සමත් විය 05 March 2023
රත්නපුරත් බස් වර්ජනයක් රත්නපුර ඇඹිලිපිටිය පුද්ගලික බස් රථයක කොන්දස්තරවරයෙකුට ප්‍රහාරයක් එල්ලකිරිමට විරෝධය පළ කරමින් රත්නපුර ඇබිළිපිටිය ,කහවත්ත රත්නපුර සහ රත්නපුර රක්වාන මාර්ගවල සියලුම පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දස්තරවරුන් අද ( 05 ) සේවයෙන් ඉවත්ව බස් වර්ජනයක් සිදු කළහ. 05 March 2023
සෙබළකුගේ ගිනි අවියක් සොරගෙන යයි පනාගොඩ යුධ හමුදා කඳවුරට ආසන්න පිටිපන මුර කුටියේ රාජකාරියෙහි නිරතව සිටි සෙබලකු අත තිබූ ටී -56 ගිනි අවියක් උණ්ඩ 30 බැගින් පිරවූ මැගසින් හතරක් යුධ හමුදා මේජර්වරයකුට සමාන ඇදුමකින් සැරසී පැමිණි පුද්ගලයකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 05 March 2023
නඩත්තුව නැතුව වාහන ලක්ෂ 10 ක් කොට උඩ අළුත්වැඩියා කිරීමට සහ සේවා සැපයීමට මුදල් නොමැතිකම හේතුවෙන් රටපුරා මෝටර් රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ධාවනය කිරීමට නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වාහන අලුත්වැඩියා ක්ෂේත්රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය. 05 March 2023
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ පළමු පියවර ආරම්භ කරයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතා සම්පුර්ණ කිරීමට තීරණය කර තිබේ. 05 March 2023
ලිට්රෝ ගෑස් මිල වෙනසක් නොවේ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 March 2023
18 වංගුව පාර වහයි දැඩි වාර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලීසිය කියයි. 05 March 2023
උණ්ඩ 225 සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් බළපිටිය ප්‍රදේශයේ සිදු කරනලද වැටලිමකදි මිලි මිටර් 09 පතරොම් 225ක් ජංගම දුර කතනයක් සහ පෙන් ඩ්‍රයිව් එකක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ. 05 March 2023
මැති සබේ කෑම වියදම සියයට 30කි ඉහළට විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග ඇතැයි වාර්තා වේ. 05 March 2023
අනතුරකින් දෙකක් මරුට කිරිඳිවැල දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී යතුරු පැදියක් හා කුඩා වර්ගයේ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයා සහ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති බව දොම්පේ පොලීසිය පවසයි. 05 March 2023
උණ හෙම්බිරිස්සාවක් ඉන්දියාවේ ‘කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 05 March 2023
ඉරානයේ යළිත් විරෝධතා ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. කිසියම් අන්තවාදීන් කණ්ඩායමක්, පාසල් දැරියන්ගේ ආහාරවලට වස කලවම් කරන බව ඉරාන රජය ද පවසා තිබේ. 05 March 2023
සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි. 04 March 2023
යාල්දේවි මහවදි පාර මාරු කරයි අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය ස්ථානය පවසයි. 04 March 2023
අතුරුදහන් යැයි කියු තරුණිය ගැඹුරු මුහුදෙන් හමු වෙයි දින දෙකකට පෙර අතුරුදන් 25 හැවිරිදි තරුණියගේ මළසිරුර බේරුවල ඈත මුහුදේදී ධීවර බෝට්ටුවකට හමු වී ඇතැයි පොලිසිය කියයි. 04 March 2023
කාලය වැඩි කරන්නැයි ඉල්ලා 154 බස් වර්ජනයක් මාර්ග අංක 154 කිරිබත්ගොඩ සහ අගුලාන අතර ධාවනය වන බසයකට ගමන් වාරයක කාලය වැඩි කරන ලෙස ඉල්ලා බස් සේවකයෝ අද විරෝධයක් පළ කළහ. 04 March 2023
පුංචි ඡන්දය ඉල්ලා මිලානෝ උද්ඝෝෂණයක් ‘‘මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයවල දමන කුමන්ත්‍රණය පරදවමු‘‘ යන තේමාව යටතේ හෙට ( 05) දින සවස 03:00 ට මිලානෝ නගරයේ පෙළපාළියක් හා පසුව මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබේ. 04 March 2023
කොමිෂන් පත් කිරීම කල් යන හැඩ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වුවත් එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 04 March 2023
ලිට්රෝ ගෑස් ගෑස් පෙන්නයිද? ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 04 March 2023
පොලී අනුපාතය ඉහළ දැම්මාට අයි.එම්.එෆ් ප්‍රසාදය ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය හිමිව තිබේ. 04 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026