මවුගේ කොන්ඩ බූලයෙන් ආ මරුවා දරුවකු ඩැහැගනී මවගේ කොන්ඩ බුලයක් ගෙලට දමා ගත් 8 හැවිරිදි පිරිමි දරුවකු ගෙල සිර වීමෙන් මරණයට පවත්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි 07 October 2022
බස්නාහිර සහ සබරගමුවට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 October 2022
සාහිත්‍ය නොබෙල් තෑග්ග ප්‍රංශ කතුවරියට මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය. 07 October 2022
කොස්ගම - අවිස්සාවේල්ල කෝච්චි පාර වැසෙයි කැළණිවැලි දුම්රිය මාර් ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (07) රාත්‍රියේ 8:30 සිට 10 වෙනිදා උදේ 6.00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර් ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 06 October 2022
උද්ධමනය තවත් වැඩිවේවි මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (6) පැවැසීය. 06 October 2022
නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් රවී හේරත් මහතා අද (6) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේදී රාජකාරි බාර ගත්තේය. 06 October 2022
හොරකම් වහගන්න කෝප් සභාපතිකමට ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් පත්කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර් ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති තතනතුර සඳහා ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකු පත්කරගෙන ඇත්තේ ආණ්ඩුව විසින් සිදුකරන වංචා, දූෂණ සහ හොරකම් හෙළිවීම වළක්වාගැනීමේ අරමුණින් විය යුතු බව එම තනතුර සඳහා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය. 06 October 2022
කිසිවෙකුත් අත නොහැර ඉදිරියට ගෙනයන්න ජනාධිපති වැඩක් අරඹයි ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 06 October 2022
සැමියාට කඩුවෙන් කොටා බිරියගේ රන්මාලය-ලක්ෂ 2 ක් කොල්ලකාලා කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙකු දුමිරියේ ගමන්ගත් යුවළක් බිය ගන්නා සැමියාගේ සුළැගිල්ල වෙන් වනතෙක් කඩුවෙන් කොට බිරිඳ සතු රන්මාලය, හා රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහිත පසුම්භිය කොල්ලා කා ඇතැයි පොලිසිය පවසයි. 06 October 2022
ලංකාව ගැන යෝජනාව මානව හිමිකම් කවුන්සලය පිළිගනී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන තේමාව යටතේ ගෙන ආ 51/5 යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වුණු අතර එම යෝජනාවට පක්ෂව සාමාජිකයෝ 20 දෙනෙක් එහිදී ඡන්දය ලබා දුන් අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 7 ක් ඡන්දය ලබා දුන්හ. 06 October 2022
ජාතික සභාවේ කමිටු සාමාජිකයෝ මෙන්න ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු ඊයේ (6) පත් කරනු ලැබූහ. 06 October 2022
පළමු පොපි මල ජනපතිට පළඳවයි පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය. 06 October 2022
පාසල්වල මත් ජාවාරම නැති කරන්න ඇමැති සැරසෙයි පාසල් තුළට අයිස් මත්ද්‍රව්‍ය පවා රැගෙන එන බවට තොරතුරු වාර්තාවන බව ද කොළඹ නගරයේ පාසල්වලින් එය වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. 06 October 2022
රටපුරා කුණු කඳු දහ නවයක් පළාත්පාලන ආයතන කරන කැළිකසළ බැහැර කිරීම් නිසා රට පුරා කුණු කඳු දහනවයක් නිර්මාණය වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය. 06 October 2022
කොළඹ වරාය නගරයට අද සිට නව පොලිස් මුරපොළක් කොළඹ වරාය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් අද (6) නව පොලිස් මුරපොළක් ස්ථාපිත කළ බව පොලිස් මුලස්ථානය පවසයි. 06 October 2022
දයාසිරිගේ නිල නිවස ගැන කංචනගෙන් ප්‍රකාශයක් විපක්ෂයේ වාඩිවී මාස හයක් ගතවුවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තවමත් සිටින්නේ ආණ්ඩුවේ නිල නිවෙසක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය. 06 October 2022
ඉසුරු සොයා 3569ක් කොරියාවට මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 06 October 2022
තවත් පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස්වීම හෙට (07) පස්වරු 3.15 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. 06 October 2022
වගකීමෙන් වැඩ නොකළොත් මැයි 9ට වඩා අභාග්‍යක් වේවි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළුදෙනා වගකීම් සහගතව කටයුතු නොකළහොත් මැයි 09 වෙනිදාට වඩා භයානක සිදුවීම් කරා රට ගමන් කිරීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 October 2022
බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ කාන්තා කණ්ඩායමට සහතික ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ 54 දෙනෙකුගෙන් යුත් පළමු කාන්තා කණ්ඩායමට පසුගියදා කණ්ඩායමට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අතින් යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රවීණතා සහතික හිමිකර ගත් බව යුද හමුදාව පවසයි. 06 October 2022
දළ සංචිත තවත් අඩු වේ ශ්‍රී ලංකා මහා බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1.8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 06 October 2022
තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියනයක් සොයයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට වඩාත් සුදුසුම ක්ෂේත්රයක් බවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියනක ආයතනයක් නිර්මාණය කිරීමට හැකිවන්නේ නම් අර්බුදය අවසන් කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා පැවසීය. 06 October 2022
22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක් විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතමින් රට වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් මිස පක්ෂයක් ,කණ්ඩායමක් හෝ මන්ත්‍රීවරුන් ගැන සිතා ගෙන ආ එකක් නොවන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය. 06 October 2022
පාකිස්තානු මහ කොමසාරිස්වරයා කුච්චවේලි සංචාරයක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඕමාර් ෆාරුක් බර්ක මහතා කුච්චවේලි ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 06 October 2022
අමරකීර්ති ඝාතනයට 39ක් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී වෙඩි තබා සහ පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 39 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ පවසයි. 06 October 2022
උ.පෙළ කල්දමන්නැයි ගම්මන්පිලගෙන් විද්‍යුත් පෙත්සමක් අ.පො.ස උසස් පෙළ 2022 විභාගය පැවැත්වීම 2023 පෙබරවාරි මස දක්වා කල් දමන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා විද්‍යුත් පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 06 October 2022
ප්ලේන්ටියට පාලන මිලක් ඉල්ලයි ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් තේ සහ කිරිතේ මිල අඩු කිරීමට පියවර ගත් බවත් ඒ අනුව රුපියල් 50 ක්ව තිබූ තේ එකක් රුපියල් 30 ක් දක්වා ද, රුපියල් 120 ක්ව පැවැති කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (6) පැවසීය. 06 October 2022
බොරතෙල් මිලේ ස්ථාවරත්වයට බැරල් මිලියන 2ක් කපා හරියි බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා දිනකට අපනයනය කරන ඛනිජ තෙල් නිෂ්පාදන බැරල් ප්‍රමාණය මිලියන 2 කින් කපා හැරීමට ඔපෙක් ප්ලස් සංවිධානය තීරණය කළ බව ඊයේ (05) නිවේදනය කළේය. 06 October 2022
විසි දෙක විවාදය ලබන සතියට කල් යයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සතියට කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (6) තීරණය කළේය. 06 October 2022
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 34 දෙනාගෙන් විසි දෙදෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි. ඉතිරි 12 දෙනා වැඩිහිටියන්ය. 06 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026